Thursday, January 23, 2025

සාරාට පැන යාමට උදව්කළ බවට සැකකරන ‘දේවකුමාර’ නිදහස් කරන ලෙස බිරිඳ ඉල්ලා සිටියි

Must read


පාස්කු ඉරිදා  බෝම්බ පිපිරවීමට සම්බන්ධතාවයක් ඇති සාරාට මෙරටින්  පැන යාමට උදව් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් දේවකුමාර් නමැත්තා මේ වනවිට මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියි. මේ සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශයක් කරමින් ආරක්ෂක ඇමතිවරයා කියා සිටියේ සාරා නමැත්තිය ජීවතුන් අතර නොමැති බවයි.
අත්අඩංගුවේ පසුවන දේවකුමාර්ගේ බිරිද විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට අනුව ඒය සත්‍යයක් නම් තමන්ගේ සැමියා අත්අඩංගුවෙන් නිදහස් කරන ලෙසයි. තවදුරටත් ඇය ප්‍රකාශ කර සිටියේ ,

” ඔහුට එරෙහි කිසිදු චෝදනාවක් සනාථ කර නැහැ.ඔහු අප්‍රියෙල් 8 වන දින කොළඹ සිට කල්මුනායි උසාවියට ​​ගෙන එන ලද අතර ඔහු මඩකලපුව බන්ධනාගාරයේ රඳවා ඇත. එහෙත් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මට දරුවන් 4 දෙනෙක් ඉගෙන ගන්නවා.අපි ජීවත් වන්නේ දිළිඳුකමින්.

සාරා ජීවතුන් අතර නැති බව මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා මෑතකදී මාධ්‍යයට පැවසූ විට මගේ සැමියා වන සෙල්වරාසා දේවාකුමාර්, සාරාට ඉන්දියාවට පලා යාමට උදව් කළේ කෙසේද? සාරා ජීවතුන් අතර නොසිටියා නම් මගේ ස්වාමිපුරුෂයා ඇයට බේරි යාමට උදව්  කළේ කෙසේද? ඒබැවින් මගේ ස්වාමි පුරුෂයා නිදාස්ය. මට ඉගෙන ගන්න දරුවන් 4 දෙනෙක් වා. අපි ජීවත් වන්නේ දිළිඳුකමින්.එබැවින් මගේ දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම අනාගතය කෙරෙහි අවධානය යොමු කර ඔහුව නිදහස් කරන ලෙස මම දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටිනවා. ” යනුවෙනි.


දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article