Monday, December 23, 2024

සාම චාරිකා , පිඩිතයාට එරෙහි මර්ධනය සහ දකුණේ ප්‍රගතිශිලින් …

Must read

සාමය වෙනුවෙන් සමුළු, සම්මන්ත්‍රණ , සාම පාගමන් වැනි විවිධ ක්‍රියාකාරිම් විශේෂයෙන්ම රටපුරා ක්‍රියාත්මක වන අයුරු විවිධ අයගේ ෆේස් පිටුවල දිනපතාම දිගහැරෙමින් තිබේ.

ජාතිවාදයට එරෙහිව සාම ක්‍රියා අතිශය වැදගත්ය. මන්ද ජාතිවාදය යළිත් වරක් ඔසවා තබා බලයට කැස කවන බලවේග තවදුරටත් ක්‍රියාත්මක නිසාය.පසුගියදා පොළොන්නරුව ප්‍රදෙශයේදි  සාම පාගමනක් සංවිධානය වි තිබුනේ ජාතික සාම මණ්ඩලයේ මුලිකත්වයෙනි

මේ රටතුල අර්බුදකාරි තත්වයක් මතුව තිබුනේ උතුරේ සහ නැගෙනහිර ජනයා ඔවුන් එරෙහිව ක්‍රියාත්මකවු පිඩනයට ප්‍රතිචාර ලෙසින් ගත් සියළු අවිහිංසාවාදි ක්‍රියාමාර්ග පළරහිත වු පසුබිමකය.

දශක තුනක යුද්ධයකින් පසුව අදටත් උතුරේ මෙන්ම නැගෙනහිරද ජනයා දැවැන්ත පිඩාවකට මුහුණ දි සිටිති.

යුද්ධයේ අවසන් දින කිපයේදි සියතින්ම ශ්‍රි ලංකා හමුදාවට භාරදුන් සිය අදරැතියන්ට සිදුවයේ කුමක්ද යන්න ගැන දන්නේ නැත. ඒ ජනයා අදටත් නොවතින විරෝධතාවයක නිරතව සිටින්නේ යුක්තිය පතාය.

එමෙන්ම ත්‍රස්ත පණත යටතේ නඩුත් නැතිව වසර ගණන් සිරගතව සිටින  දමිළ දේශපාලන සිරකරුවන් ගැන දකුණේ සියළු බලවේග , කණ්ඩායම්  බහුතරයක් මුනිවත රකිමින් සිටිති.

සාම පාමන් වලට විවිධකාර සාම වැඩසටහන් වලට එන ජනයාගෙන්   කි දෙනෙක් මේ පිඩාව ගැන දැනුවත්ද , ඊට එරෙහිව ක්‍රියමාර්ග ගැනිමට සුදානම්ද යන්න සැබැවින්ම ගැටළු සහගතය.

මේ සාම වැඩ හුදු ව්‍යාපෘති වාර්තා වල වැඩවලට ටික් දමන්නට නම් ඒවායෙන් සාමයට ඇති පලය කුමක්ද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article