Wednesday, December 25, 2024

‘සානක්කියන්ට’ පොලීසියෙන් ප්‍රශ්න පත්තරයක් ?

Must read

දෙමළ ජාතික සන්ධානයේ  මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  සානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගේ කාර්යාලයේ  මේ අවස්ථාවේදී  කිලිනොච්චිය ඇතුළු පොලිස් ස්ථාන කීපයක පොලිස් නිලධාරීන් විසින්  ඔහුගෙන් කටඋත්තර ලබාගැනීමක් සිදුකරනු ලබයි. ප්‍රෙද්ශ කීපයක පොලිස් නිලධාරීන් විසින් සානක්කියන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කරමින් සිටින්නේ පසුගිය පෙබරවාරි 03 වනදා සිට 08 වනදා තෙක් පොතුවිල් සිට පොලිකන්දි දක්වා සිදුකළ සාමාකාමී උද්ඝෝෂනයට සහභාගීවීම සම්බන්ධවයි. මේ රටේ උතුරුනැගෙනහිර දෙමළ කතාකරන ජනතාව තමන්ගේ ප්‍රධාන ඉල්ලීම් 10ක් මුල්කරමින්  ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී ලෙස දින ගණනක් පුරා සිදුකළ පාද යාත්‍රාවට සහභාගී වීම වැලැක්වීම වෙනුවෙන්  උතුරු නැගෙනහිර පොලීසි කීපයක් විසින්  දේශපාලන ක්‍රියාධරයන් ඇතුළු සිවිල් ක්‍රියාධරයන්ට එරෙහිව උසාවි නියෝග නිකුත් කොට තිබුණි.  ඒ කොවිඩ් 19 වසංගත අවස්ථාවේ එක්රැස්වීම වැරැද්දක් බවට හේතු දක්වමිනි.
මෙම අවස්ථාව මන්ත්‍රීවරයාගේ මුහුණුපොතේ සජීවීව දර්ශනය වෙමින් ඇත.

https://www.facebook.com/watch/live/?v=135395208441323&ref=notif&notif_id=1613718116319714&notif_t=live_video_explicit

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article