Friday, May 3, 2024

සහල් ආනයනය නතර කරමින් ගැසට් නිවේදනයක් නිකුත කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Must read

තවදුරටත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් සහල් ආනයනය අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපතිතුමන් හමුවී කල ඉල්ලීමකට අනුව මෙරටට සහල් ආනයනය කිරීම අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශක ආර්.සමරතුංග මහතාට උපදෙස් ලබා දී තිබේ.

පසුගිය යල කන්නයේදී ඉහල වී අස්වැන්නක් ලබීමත්, මෙවර මහ කන්නයේ වගාකිරීමට නියමිත ඉඩම් ප්‍රමාණය වන හෙක්ටයාර ලක්ෂ 8න් ම් වන විටත් ඉඩම් හෙක්ටයාර 675,800ක් වගා කිරීමට ගොවීන් කටයුතු කර ඇති බැවින් ලබන වසරේදී සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැතැයි අමාත්‍යවරයා ජනාධිපතිවරයා හමුවී පැවසීමෙන් අනතුරුව ජනාධිපතිවරයි එකී ගැසට් නිවේදනය නිකුත් කිරීමට උපදෙස් ලබාදී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article