Friday, September 20, 2024

සහන කාලය අවසන් ! නිරෝධායන නීතිය කඩකළ 221 ක් ,වාහන 40 ක් අත්අඩංගුවට …

Must read

නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 221ක් ඊයේ (30) දින පොලිස් අත් අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.එමෙන් ම පසුගිය දින 14 තුළ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේ දී   ලබා දී තිබූ  සහනය ඊයේ දින සිට ඉවත් කළ බවද ඒ අනුව නිරෝධායන නීතිය කඩ කළ,මුහුණ  ආවරණ නොපැලදී, දුරස්ථභාවය පවත්වා නොගත් පුද්ගලයින් 39ක් ප්‍රථමවරට අත් අඩංගුවට පත් බවත් ඉදිරියට මේ නීතිය ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය ප්‍රකාශ කළේ ය.

මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මේ දක්වා පුද්ගලයින් 1480ක් අත් අඩංගුවට පත්ව තිබෙන බවය.

වාහන 40ක් ඊයේ පොලිස් භාරයට පත්ව තිබේ. මේ දක්වා පොලිස්භාරයට පත්ව තිබෙන වාහන සංඛ්‍යාව 218කි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article