අද (2) උදෑසන කාර්යාල දුම්රිය 8 ඇතුළුව දුම්රිරිය 11ක අවලංගු කිරීමට සිදුවූ බවත් සවස් කාලය වන විට මෙම තත්වය තවදුරටත් ඉහළ යා හැකි බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සභාපති සුමේධ සෝමරත්න මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කර ඇත.
දුම්රිය ස්ථානවල කාර්යමණ්ඩල හිඟය හේතුවෙන් නිසි පරිදි සේවා පවත්වාගෙන යාම අපහසුවී ඇති බවත් හැකි ඉක්මනින් මේ සම්බන්දයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බවත් සෝමරත්න මහතා එහිදී පවසා ඇත. එමෙන්ම මේ සම්බන්දයෙන් අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් එහිදී නිසි විසිදුමක් නොලැබෙන්නේ නම්අකමැත්තෙන් වුවත් වෘත්තීය වෘත්තීය ක්‍රියාමාර්ග වලට යොමුවීමට සිදුවන බවත් සෝමරත්න මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.