ජනපති සිරිසේන විසින් අද සවස් වරුවේ කැදවා තිබුණ සර්ව පාක්ෂික සමුළුවක් වැදගත් එකඟතාවයක් නොමැතිවම විසිර ගොස් ඇතැයි වාර්ථා වේ.මේ අතර එක්සත් ජාතික පෙරමුණ ඇමති අජිත් පි පෙරේරා මාධ්‍ය හමුවේ කියා ඇත්තේ තමන්ට බහුතරය ඇතිබව පෙන්විමට 113 දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශ හෙට දිනයේදි සුදානම් බව ජනපති සිරිසේනට දැන්වු බවය.
මේ අතර අද මාතරදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම කියා ඇත්තේ එජාපය දිවුරුම් පෙත්සම් 113 ක් ලබා දි බහුතරය පෙන්වන ලෙස තමා අභියෝග කරන බවය.