Wednesday, January 22, 2025

සමාජ මාධ්‍ය වාරණය සහ මුජිබර්ගේ තුන් බිය …

Must read

සමාජ මාධ්‍යවලට වාරණයක් පැනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාල මහතා පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
අයවැය විවාදයට අද (24දා)  එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබුණි

” මාධ්‍යයට සදාචාරයක් තිබිය යුතුයි. මාධ්‍ය මේ රටේ බලය අත්පත් කර ගන්න හදනවනම් කොහෙද මේ රටේ නීතියක්. සමාජ මාධ්‍ය ජාල වලට වරණයක් පැනවිය යුතුයි. කාන්තාවන්ගේ නමින් තිබෙන්නේ පිරිමින්ගේ ගිණුම්. පිරිමින්ගේ නමින් භාවිත වන කාන්තා ගිණුම් තිබෙනවා.

ඕනම කෙනෙක් මේ සමාජ ජාලය තුළ නිරුවත් කරන්න මෙ අය සැදි පැහැදී ඉන්නවා. ඕනම කෙනෙක්ට එරෙහිව වෛරය වපුරන්න මේ සමාජ මාධ්‍ය ලෑස්ති වෙලා තිබෙනවා.”

මේ අතර අද පාර්ලිමේන්තුවේදිජනපතිට තුන්බිය ඇතිවී ඇති බවට මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා කළ ප්‍රකාශයට ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිචාර දක්වා තිබේ

“මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා කිව්වා ජනාධිපතිට තුන්බිය ඇතිවෙලා කියලා. මම කියනවා පුද්ගලයෙක්ට තුන්බිය ඇති වෙන්න බෑ. තුන්බිය ඇතිවුණේ විශාලා මහනුවර. ඒක ජනතාවට ඇතිවුණ එකක්. රෝග බිය, අමනුෂ්‍ය බිය. මරණ බිය. ඒක ජන සමූහයකට ඇතිවෙන දෙයක්.

එතුමා රතන සූත්‍රයට ඇහුම්කන්න දෙන්න කියලා කියනවා. කිසිවිටක පුද්ගලයෙක්ට තුන් බිය ඇතිවෙන්නේ නෑ. මරික්කාර් බිය තිබුණත්, හිරුණිකා බිය තිබුණත්, රෝසි බිය තිබුණත් ඒක තුන්බිය නෙමෙයි.”

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article