Monday, May 20, 2024

සමන්මලී නිසා “පත්තර මල්ලී” 4වැනි තට්ටුවට

Must read

nuwan liyange“පත්තර මල්ලී” ලෙස ජනාදරයටපත් නෙත් එෆ්.එම්. හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර අධ්‍යක්ෂ නුවන් ලියනගේ මහතා රහස් පොලිසියට ගොස් ඇතැයි වාර්තා වේ.

ලියනගේ මහතා රහස් පොලිසියට සම්බන්ධවී ඇත්තේ සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා මාධ්‍යවේදියෙකු වන තිළිණ අලහකෝන මහතාගේ පස්වැනි කෙටි චිත්‍රපටය වන ‘සමන්මලීව මැරුවෙ කවුද?’ කෙටි චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතයකට දායකවීම සඳහාය.

ඔහු එම කෙටි චිත්‍රපටයේ රහස් පොලිසියේ ප්‍රධාන පරීක්ෂකවරයකු ලෙස චරිත මවන බව පැවසේ.

සිය කෙටි චිත්‍රපටයට නුවන්ගේ එක්වීම සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ තිළිණ සිය ෆේස් බුක් පිටුවේ මෙවැනි සටහනක් තබා තිබිණි.

“සාමානයෙන් චිත්‍රපටයක රිහසල් කරන්නෙ ඩයලොග් සහ රගපෑම
හැබැයි මගේ කෙටි චිත්‍රපටයේ විනාඩි 10ක් 15ක් දුම්බොන්න රිහසල් කරන්න වුනා.

එහි දුම්බොන දර්ශනයක් තියෙනවා. අපේ නුවන් අයියට (නුවන් ජූඩ් ලියනගේට ) දුම්බොන එකත් රිහසල් කරන්න වුනා. ඒ අපේ නුවන් අයියා මීට කලින් දුම් බීලා නැති නිසා. දුම් බොන්නයි, දුම් බීලා දුම් රොටු එලියට යවන්නයි. ඒවා එක එල්ලේ තව කෙනෙකුගේ මුහුණට පිඹින්නයි. නුවන් අයියා ලොකේෂන් එකේදිම පුරුදු වුනා.

මුලින් මුලින් අපි කාටත් බඩ කොර වෙන්න හිනා ගන්වමින් බොහෝම අමාරුවෙන් ඒක කළ නුවන් අයියා අවසානයේ ඒ අභියෝගය ජයගත්තා.”

මෙය මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ  විකල්ප මාධ්‍ය වැඩසටහන යටතේ  එම ආයතනයේ අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද කෙටි චිත්‍රපටයකි.

මේ කෙටි චිත්‍රපටය  අද (17) සවස 4.00 ට මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වෙන එහි නිර්මාතෘ ගරු තිස්ස බාලසූරිය පියතුමාගේ 4 වැනි අනුස්මරණ  දින උත්සවයේදී මුල් වරට තිරගතවීමට නියමිතය.

001

002

003

මෙහි ප්‍රධාන නිළියගේ භූමිකාවට පණ පොවන්නේ විශාඛා ජයවීරය.

රංගේ භාග්‍යා සුවිමාලි, පංකජ අලහකෝන්, තනුජා විජේවික්‍රම, සංජය ජයසිංහ, ලෝනා ඩෙකර්, විපුල් පතිරාජ, අසංක ශ්‍රී මාල් ප්‍රනාන්දු, ජූඞ් ඉරන්ත ප්‍රනාන්දු, ඇන්ජලෝ ගෝමස්, සුදේශ් හසංග, අජන්ත ප්‍රසන්න, අනුත්තරා ගමගේ, නිමල් පීරිස්, ඉග්නේෂස් පෙරේරා, ස්ටැන්ලි ධර්මදාස , ජූඞ් පාලිත, තෙරේස් විලියම් පෙරේරා, ටිරෝන් ගෝමස්,
ආසිරි පැතුම්, ග්ලැඞ්ස්ටන් රොමේෂ් ස්කැෆර්, අසිත ප්‍රනාන්දු, ඉරෝෂ් චමෝද්,
චාන්දනී අලහකෝන්, රන්දිමා රසාදරී මෙහි සෙසු චරිත නිරූපණය කරති.

තිළිණ මෙවර ඔහුගේ නිර්මාණයෙන් යහපාලන ආණ්ඩුව විවේචනය වන අන්දමේ දේශපාලන විචාරයක් ඉදිරිපත් කර ඇති බව පැවසේ.

මීට පෙර ඔහු නිර්මාණය කළ සිව්වැනි කෙටි චිත්‍රපටය වූ ‘ජේසු ක්‍රිස්තු ආරාධීත වේවා’ කෙටි චිත්‍රපටයෙන් එවක පැවැති රාජපක්ෂ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කර තිබීම විශේෂිතය.
www.Srilankamiror.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article