Monday, December 23, 2024

සමගි ජන බලවේගයට එක්වුනේ නැහැ – සුදර්ශණී

Must read

ඊයේ (14) දිනයේදී තමන් සමගි ජනබලවේගයට සහය දැක්වීම සඳහා එක්වූබවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය හා ජනතාව නොමඟ යවනසුළු බව   පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

මේ සම්බන්දයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහත්මිය සදහන් කර ඇත්තේ, රට තුල උද්ගතව ඇති ආර්ථික අර්බුදවය හමුවේ තමන් විසින් රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වී පසුගිය අප්‍රේල් මාසයේ සිට ස්වාධීන මන්ත්‍රීවරියක ලෙස කටයුතු කල බවත්, නිරන්තරයෙන් සිතට එකඟව ජනතාව වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කටයුතු කල බවත්, ආණ්ඩුව ගෙව එන හිතකර යෝජනා වලට සහය පල කලා මෙන්ම අහිතකර යෝජනා වලට විරුද්ධවීමටද තමන්  නොපැකිලෙන බවයි.

ඒ හේතුවෙන් 2023 වසර සදහා අයවැය ඉදිරිපත් කරන මොහොතේදී විපක්ෂයේ පොදු කාර්යභාරය පිළිබදවබ සාකච්ඡා කිරීමට 2022.11.14 වනදා විපක්ෂනායකවරයා ඇතුලු පොදු විපක්ෂයේ කණ්ඩායම හමුවී විපක්ෂයේ පොදු කාර්යභාරය ඉටුකිරීම සදහා එකඟතාවයක් ඇති කරගත් බවද මන්ත්‍රීවරිය සිය නිවේදනයේ සදහන් කර ඇත. එහිදී තමන් සමඟි ජනබලවේගය සමග කිසිදු එක්වීමක් සිදුනොවූ බව වගකීමෙන් ප්‍රකාශ කරන බවත්, තමන් සමඟි ජනබලවේගය සමග එක්වී ඇති බවට පලවන මාධ්‍ය වාර්තා සම්පූර්නයෙන් අසත්‍ය බවත් ඇයගේ නිවේදනය මගින් ඇය අවධාරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article