Thursday, May 2, 2024

සඳතැන්නට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් විද්‍යා ආයතනයක්

Must read

 

ජාත්‍යන්තර තත්වයෙන් උසස් දෙස් විදෙස් පරිසරයට ඇලුම් කරන පාරිසරික වනජීවී පුහුණුව ලැබිය හැකි ශ්‍රී ලංකා වන විද්‍යා ආයතනය (2) දින නුවරඑළිය , හාවාඑලිය, සඳතැන්න ප්‍රදේශයේදී විවෘත කරන ලදී.

හෙක්ටෙයාර 53 ක භූමියකින් යුක්තව රුපියල් මිලියන 1500 ක ආයෝජනයකින් මෙම විද්‍යායතනය ඉදිකර තිබේ.

නිල නිවාස දාහතක්, ක්‍රීඩාගාරයක්, අසූ දෙනෙකුට එකවර නැවතිය හැකි නේවාසිකාගාරයක්, එකසිය පනහකට එකවර ආහාර ගත හැකි ආපන ශාලාවක්, ශ්‍රවණාගාරයක්, පරිපාලන ගොඩනැගිල්ලක්, දේශන ශාලා පහසුකම්, පුස්තකාලයක්, වාහන නැවතිය හැකි අංගනයක්, ඇතුළු පහසුකම් බොහොමයක් මෙහි සලසා ඇත.

අඩවි වන නිලධාරීන් සඳහා NVQ 6 පාඨමාලාව, බීට්ටු වන නිලධාරි, NVQ 5 පාඨමාලාව, වන ශේත්‍ර සහකාර නිලධාරීන් සඳහා NVQ 3 පාඨමාලාව මේ වන විට ආරම්භ කර තිබේ.

වන ක්ෂේත්‍ර සහකාර නිලධාරීන් 860 දෙනෙකු සඳහා ඉදිරියේ දී මෙම පාඨමාලා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ආදායම් උත්පාදන පාඨමාලා ආරම්භ කරමින් පරිසරයට වනාන්තර වලට ඇලුම් කරන ජනතාවට එම පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව විශ්ව විද්‍යාල සිසුන්ට, පාසල් දරුවන්ට, පාසල් හැර ගිය දරුවන්ට, විදේශීය පුද්ගලයින්ට, පර්යේෂකයින්ට, මෙම පාඨමාලා හැදෑරිය හැකිය.

එමෙන්ම එක් දින පාඨමාලා, සති අන්ත පාඨමාලා සහ කෙටි කෙටිකාලීන පාඨමාලා මෙලෙස හඳුන්වා දීමට නියමිතය.

රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයින්, පෞද්ගලික ආයතන නිලධාරීන්, මැනුම් නිලධාරීන්, භූමි සැලසුම් නිර්මාණ ශිල්පීන්, අවශ්‍ය න්‍යායික දැනුම හා ප්‍රායෝගික දැනුම , අධ්‍යාපනය ලබාදීමට ද මෙම විද්‍යායතනය මගින් බලාපොරොත්තු වේ.

වන කළමනාකරණ පාඨමාලා, පාරිසරික සංචාරක කර්මාන්තය පිළිබඳ පාඨමාලා, කෘෂිකාර්මික වනසංරක්ෂණ පාඨමාලා, ජලාධාර කළමනාකරණ පාඨමාලා, ඉදිරියේදී හඳුන්වාදීමට නියමිතය.

ශ්‍රී ලංකා වන විද්‍යා ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥයන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ඩී.රත්නායක මහතා, සමන්ති රණසිංහ මහත්මිය, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ මහතා, වන සංරක්ෂණ ජනරාල් ආචාර්ය කේ.එම්.ඒ. බණ්ඩාර මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා, අතිරේක වන සංරක්ෂක ජනරාල් දීපානී අලවතුගොඩ මහත්මිය, ශ්‍රී ලංකා වන විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ එස්.එච්. බන්දුමාලා මහත්මිය ,ESCAMP ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුර සතුරුසිංහ මහතා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය මුදිත ප්‍රසන්නජිත් පෙරේරා මහතා,මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ සහකාර සාමාන්‍යාධිකාරි අනුර සේමසිංහ මහතා, නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂක ඇතුළු නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article