(9.30 am )පාර්ලිමේන්තුවේ සජිවි විකාශය රාජ්‍ය මාධ්‍ය බලධාරින් විසින් අත්නනෝමතික ලෙසින් නවතා දැමිම පිළිබදව පාර්ලිමේන්තුවේ බරපතල අවධානයක් පසුගියදා යොමුව තිබුණි.
මන්ත්‍රිවරුන් කිපදෙනෙකුම මේ පිළිබදව කථානායකවරයාගේ අවධානය යොමු කර තිබුණි.මෙහිදි අදහස් දක්වු හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයෙකු වු කරුණාරත්න පරණවිතාන මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙසද අත්දැකිම් ඇති ජාතික රූපවාහිනියේ සභාපති සරත් කෝන්ගහගේ මහතාට සජිවි විකාශය කරගෙන යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හා ගිවිසුම් ගත බැදිමක් නොතිබුනද ජාතික වැදගත්කමකින් යුතු අවස්ථා සියල්ල අවාරණය කිරිම රාජ්‍ය මාධ්‍ය විසින් කළ යුතුව තිබියදි එය නවතා ලිම සම්බන්ධ වගකිමෙන් සරත් කොන්ගහගේ මහතා කිසිලෙසකින් වත් මිදිය නොහැකි බවයි.