Wednesday, November 27, 2024

සජිත් සමග ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ගෝඨාට ඇරයුම්

Must read

 

මඩ දේශපාලනය වෙනුවට තම ප්‍රතිපත්ති සම්බන්දයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර කතිකාවතක් ගොඩනැගිය යුතු බව සදහන් කරමින් ප්‍රතිපත්ති සහ රටේ අනාගතය පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. හිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා සදහන්කර සිටියේ එවැනි ප්‍රසිද්ධ විවාදයකට පැමිණීම සදහා මේ රටේ ජනාධිපති වන්නට යන පුද්ගලයාට කොන්දක් සහ හැකියාවක් තිබිය යුතු බවයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article