Friday, May 17, 2024

සජිත්, ආර්. ප්‍රේමදාසගෙම පුතා ද ?

Must read

සජිත්

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී තම අමාත්‍යංශට ලබාදී තිබූ මුදල් කප්පාදු කර ඇති බව කියමින් තමා ඇමතිකමින් ඉවත්වන බව කී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුව ජාතික පුවත්පත්වල කර්තෘවරුන්ට දුරකථනයෙන් අමතා එම පුවත පුවත්පත්වල පල නොකරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

එය අභ්‍යන්තර සාකච්ඡාවක් බව කියමින් ඔහු එය පුවත්පත්වල පල නොකරන්නයි ඉල්ලා ඇති බව පැවසේ.

සජිත් මහතා, මේ ප්‍රකාශය කර තිබුණේද අගමැති රනිල් වික්‍රමසිංහ, මුදල් ඇමති රවී කරුණානායක හා අගමැතිවරයාට ඉතා සමීප ඇමතිවරයකු වන මලික් සමරවික්‍රම යන තිදෙනාම කැබිනට් රැස්වීමට පැමිණ නොසිටි අවස්ථාවේදීය.

ඔවුන් විදෙස් සංචාරයකට එක්ව සිටි බැවින් එම රැස්වීමට සහභාගි නොවුණි.

පසුගිය දිනකදී ජාතික පුවත්වල කර්තෘවරු පිරිසක් එක්ව සාකච්ඡාවක නිරතවන අවස්ථාවේදී මේ කාරණාව මතුව තිබූ අතර එහිදී සජිත්ගේ මේ ක්‍රියා කලාපය ඔහුගේ පියාවන හිටපු විධායක ජනපති ආර්. ප්‍රේමදාස මහතාගේ චරිතයට කොහෙත්ම සම කළ නොහැකි බවද එහිදී සාකච්ඡා වී තිබේ.

එසේම, එහි සිටි ජ්‍යෙෂ්ඨ කතුවරයෙක් පවසා ඇත්තේ රොනී ද මෙල් හා ගාමිණී දිසානායක වැනි වුන් ආර්. ප්‍රේමදාස මහතාට එරෙහිව කටයුතු කරද්දී ප්‍රේමදාස මහතා ඊට එඩිතරව මුහුණ දුන් බවයි.

එසේම, සජිත් පසුගි කාලයේදී යම් යම් දේ සම්බන්ධයෙන් පෙනී සිටිමින් පසුව පස්ස ගසන බවද, ඔහුට සෘජු තීරණ ගැනීමේ නොහැකියාවක් ඇති බවද එහිදී සාකච්ඡාවට බඳුන්ව තිබේ.

මේ අතර අදාළ කැබිනට් සාකච්ඡාවේදී ජනපති මෛත්‍රීපෙල සිරිසේන මහතා සජිත්ගේ චෝදනාව අගමැතිවරයා පැමිණි පසු සලකා බැලීමට තීරණය කරන බව පැවසූ ආකාරයට සිද්ධිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සංචාරයේ නිරත නිලධාරියකු දැන්වූ විට අගමැතිවරයා ප්‍රතිචාර දක්වා ඇත්තේ යනව නම් කමක් නැහැ වෙන කෙනෙක් ගන්න බැරියැයි කියමින් බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
.srilankamirror.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article