Sunday, January 12, 2025

සජිත්ගේ පරාජය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණ සටහනක් !

Must read

ශිරාල්,කිලී මහරාජා,බාකිර් මාකර්,සුදත් චන්ද්‍රසේකර,දුලාංජලී ප්‍රේමදාස වැනි න්‍යායාචාර්‍යවරුන්ද සජිත් ට රැල්ලක් තියෙනවා සජිත් ජනප්‍රියයි සජිත් දැම්ම ගමන් දිනනවා සජිත් කියන්නේ තරුණ නායකයෙක් වයසක නායකයෝ එළවන්න ඕනා කිය පාරම්බෑ හරීන්,අජිත්,සුජීව,තලතා,මද්දුම බණ්ඩාර,මංගල,හර්ෂ,එරාන්,අශෝක අබේසිංහ වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද 2010 ජනාධිපතිවරණ පරාජයෙන් පසු නායකත්ව අර්බුදයක් මවා පාමින් සජිත්ගේ මනස විකෘති කළ අයද මේ පරාජයට වගකිව යුතුය 2025 ජනාධිපතිවරණයට නායකතුමා සජිත්ට පාර සාදා තිබිය දී spg,sp lanka වැනි මොලේ මැරුණු හිපාටුවන් සජිත්ට රැල්ලක් ඇතැයි බොරු කියමින් තප්පුලන්නට වූහ.සජිත්ව අගාධයට ගෙන ගිය සියලු පුද්ගලයින් පරාජයේ වියරුව නිසා රනිල් වික්‍රමසිංහට චෝදනා කරමින් සිටී,සිංහල ඡන්ද තියා උගත් බුද්ධිමත් ඡන්දවත් සජිත්ට ලැබුණේ නැත,ගෙවල් සෑදූ පමණින් පන්සල් වලට ආධාර කළ පමණින් ඡන්ද දිනන්න බැරි බව සජිත් පිල වටහා ගත යුතුය.තමන්ගේ පරාජයේ හෙලුව වසාගන්න නායකතුමා ට චෝදනා කරන පිරිස මේ කරුණු දැනගත යුතුය .

1. සිරිකොත පක්ෂ කාර්‍යාලයේ මෙහෙයුම් කාර්‍යාල දමනවා වෙනුවට වොක්ෂෝල් වීදීයෙන් කාර්‍යාලයක් කුලියට ගෙන එහි පාලනය දුලාංජලී ප්‍රේමදාසට හා තිස්ස අත්තනායකට ලබාදීමට කටයුතු කිරීම.

2.රෝහිත බෝගොල්ලාගම,ආතාවුද සෙනෙවිරත්න ගමට නොයා එම කාර්‍යාලයේ කාලය ගත කිරීම.

3.අකිල විරාජ් කාරියවසම් ගේ වගකීම් තිස්ස අත්තනායක කරට ගැනීම.

4.පක්ෂයේ සමාජ ජාලා ස්වේච්ඡා සේවකයින්ට තැනක් ලබා නොදී group M අලෙවිකරණ ආයතනයට කෝටි ගණනක් මුදල් දී සමාජ මාධ්‍ය ජාලා මෙහෙයුම ඔවුන්ට ලබාදීම.

5.දුලාංජලී ප්‍රේමදාස, තිස්ස අත්තනායක හා සුදත් චන්ද්‍රසේකර තම ආධිපත්‍යය පතුරවමින් තමන්ගේ නිලධාරීන් ට මෙහෙයුම් කටයුතු 75%ක් භාර දීම.

6.තැපැල් ඡන්දයට පෙර ප්‍රතිපත්ති ප්‍රකාශය එලි දැක්වීමට නොහැකි වීම.

7.සෑම කොට්ඨාසයකටම මැතිවරණ කාර්‍යාලයක් ආරම්භ නොකිරීම.

8.එක නිවසකට අවම වශයෙන් තුන් වතාවක්වත් ගෙයින් ගෙට ගොස් සජිත්ගේ වැඩපිළිවෙළ හා ආණ්ඩුව කරපු වැඩ ගැන දැනුවත් නොකිරීම .

9.බොහෝ ආසන සංවිධායකවරු පළාත් සභා මන්ත්‍රීන් හා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් තමන්ගේ ආසනය හා කොට්ඨාසය තුළ කටයුතු නොකොට කොළඹට වී සිටීමත් සජිත්ගේ ප්‍රධාන රැස්වීම්වල කතා නොකිරීමත් ය.

10.රැස්වීම් 154 ක් කිරීමත් සමාජ ගිවිසුම් අත්සන් කිරීමත් හැරුණු කොට වෙනස් කිසිම දෙයක් ජයග්‍රහණය උදෙසා නොකිරීම.

11.සැම කතාවකදීම රටේ අඩුපාඩු සහ දුප්පත්කම ගැන කතා කරනවා විනා පසුගිය වසර හතර තුළ ආණ්ඩුව කළ හොද වැඩ සහ වැදගත් සංකල්ප පිළිබඳව වචනයක් වත් කතා නොකලා පමණක් නොව ඒ ගැන ප්‍රචාරණ ව්‍යාපාරය දී සහයක් ලබා නොගැනීම.

12.වැදගත් ශිෂ්ට සම්පන්න ස්වාමීන් වහන්සේලාගේ සහය ලබාගැනීමට ඇති නොහැකියාව සහ පන්සලේ දේශපාලනය අවතක්සේරුවට ලක් කිරීම.

පරාජයේ වගකීම නිහතමානීව භාර නොගෙන එය රනිල් වික්‍රමසිංහට හෝ අකිල විරාජ් කාරියවසම්ට පටවන සජිත් කල්ලියට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සිංහල දිස්ත්‍රික්කවලින් සියයට 35 ක් වත් ගන්න බැරි අපේක්ෂකයෙක් ගෙනාවේ ඔබලාය, රැස්වීම් 154 ගැන තීරණය කරේ ඔබලාය,ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරේ ඔබලාය,එය එළිදක්වන දිනය තීරණය කළේ ඔබලාය,කොට්ඨාස ප්‍රචාරක කාර්‍යාල පිහිටවූයේ ඔබලාගේ අනුදැනුම ඇතුවය.මැතිවරණයේ සියලුම ප්‍රචාරක කටයුතු මෙහෙයවූයේ වොක්ෂෝල් වීදීයේ ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයෙනි.තිස්ස අත්තනායක,දුලාංජලී ප්‍රේමදාස හා එම කාර්‍යාලයේ වැඩ කළ සියලුම සේවකයින් පරාජයේ වගකීම භාර ගත යුතු අතර සජිත් කල්ලියේ හිත සුව පිණිස සජිත්ගේ රැල්ලේ තරම දැනගැනීමට ප්‍රතිශතාත්මක විග්‍රහයක් මේ සමග අමුණමි.

ප්‍රධාන ඇඩ්මින් MCKP☸️🕉️✝️☪️🇱🇰

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article