Tuesday, May 14, 2024

සක්විති රණසිංහට ඇප

Must read

මුදල් සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා වලට අත්අඩංගුවට පත්වී වසර 10ක පමණ කාලයක් බන්ධනාගාර ගතව සිටි සක්විති රණසිංහ නැමැත්තා ඊයේ (10) අදාළ නඩු වලට කොළඹ මහාධිකරණයේදී ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව මුදා හැර ඇත.

මෙම පුද්ගලයා රුපියල් කෝටි 162කට අධික මුදලක් මහජනතාවගෙන් ලබාගෙන මුදල් සමාගම් පණතට පටහැනි වන අයුරින් මූල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් තිබූ අතර එම චෝදනාවට මෙන්ම  මහා බැංකුවේ අනුමැතියකින් තොරව ව්‍යාජ මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යෑම සහ ව්‍යාජ ගෙවීම් ක‍්‍රම භාවිතා කිරීම යන චෝදනා යටතේ වෙන වෙනම නඩු තුනක් විභාග කරන අතර එම නඩු තුනටම නියම වු ඇප තැන්පත් කිරීම නිසා මෙලෙස ඔහු මුදා හරින ලදී.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article