Saturday, November 23, 2024

සංචරණ සීමා ජුනි 07 තෙක් දීර්ඝ කෙරේ

Must read

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන ජූනි 7 වැනි දා තෙක් දීර්ඝ කිරීමට රජය තිරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

එසේ සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුල දින තුනක් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීමට රජය පියවරගෙන තිබේ.

ඒ අනුව හෙට 25 අලුයම 4.00 සිට පස්වරු 11.00 තෙක් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සංචරණ සීමා ලිහිල් කෙරෙන අතර නැවතත් 31 වනදා අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා සංචණ සීමා ලිහිල් කෙරේ. නැවතත් ජුනි 4 වනදා ද ඒ ආකාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට පමණක් සංචරණ සීමා ලිහිල් කරන බව ද රජය දැනුම් දෙයි.

ඒ අනුව මෙම දිනවල සංචරණ සීමා ඉවත් කිරීමක් නොව ලිහිල් කිරීමක් පමණක් සිදුවන බව පවසන යුධ හමුදාපති වරයා වැඩිදුරටත් පවසන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට ළඟම ඇති නගරයට හෝ ගමේ කඩයට යාමට අවස්ථාව ලබා දී ඇති බවත් රථවාහනවලින් ගමන් බිමන් යාමට අවස්ථාව ලබා නොදෙන බවත්ය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article