Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මඩකලපුව ශා. මයිකල් විද්‍යාලයේ සිසුවා ජීව විද්‍යාවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානයට!

Must read

2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ  (28) සවස නිකුත් කළ බැවින් මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 1,71,497 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.මඩකලපුව දිස්ත්‍රික්කයේ ශාන්ත මයිකල් විද්‍යාලයේ තමිල්වන්නන් ද්වාරකේස් සිසුවා ප්‍රකාශිත උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජීව විද්‍යා අංශයෙන් සමස්ත ශ්‍රී ලංකාවෙන්ම දෙමළ භාෂාවෙන් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ඇත.

ජීව විද්‍යාව විෂයෙන්ම දෙමළ භාෂාවෙන් ජාතික වශයෙන් ප්‍රථමයා වූ ඔහු තමිල්වන්නන් දෙපළගේ වැඩිමහල් පුත්‍රයා වේ.  ඔහු මඩකලපුව අධ්‍යාපන කලාපයට අයත් ශාන්ත මයිකල් විද්‍යාලයේ ශිෂ්‍යයෙකි.

නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පුල්ලනායගම් නගුලේෂ්වරී, ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂ සු. ගුලේන්ද්‍රකුමාර් මහතා සහ මුට් ශාන්ත මයිකල් විද්‍යාලයේ විදුහල්පති පායාස් ආනන්දරාජා මහතා සිසුවාගේ නිවසට ගොස් එම දස්කම දැක්වූ සිසුවාට සහ ඔහුට සහය වූ සිසුවාගේ දෙමාපියන්ට සුබ පැතූහ.

ඒල්.තේවාදිරන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article