Monday, September 14, 2026
spot_img

ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙක් කොවිඩ් නිසා විදෙස් රටවලදී ජීවිතක්ෂයට

Must read

කොවිඩ්19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් විදෙස් රථවල ජීවත්වන  ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව  විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

ඔවුන් අතරින් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැද පෙරදිග රටවලිනි.

  • ඒ අනුව සෞදි අරාබියේදී ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු මියගොස් ඇති අතර
  • කුවෙට්හි දී 21 දෙනෙකු මියගොස් තිබේ.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු ද,
  • කටාර්හිදී 6 දෙනෙකුද ,
  • බ්‍රිතාන්‍යයේ දී 5 දෙනෙකු ද
  • ඊශ්‍රායලයේදී ද එක් ශ්‍රී ලාංකිකයෙකුද
  • අමෙරිකාවේදී සහ කැනඩාවේදී ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා බැගින්ද ,
  • බහරේන්, ජෝර්දාන් , ජර්මනිය සහ ඉතාලිය යන රටවලදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනා බැගින්ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article