Saturday, September 21, 2024

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට සහය දෙන ලෙස ඇමෙරිිකාව සාමාජික රටවලින් ඉල්ලයි.

Must read

UN picජායාරූපය: පසුගිය 07දා මානව හිමිකම් මණ්ඩලයේ පැවැති ශ්‍රී ලංකා යෝජනාව පිළිබඳ නිල නොවන සැසියෙහි මුලසුන ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, මොන්ටෙනෙග්‍රෝව, මැසඩෝනියාව යන රටවල් විසින් දරන ලදී. ©s.deshapriya.

ඇමෙරිකානු ජනාධිපති ඩේනල්ඩ් ට්‍රම්ප් ලවා  දැන් පැවැත්වෙන එකසත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ගෙන ඒම වළක්වා ගත හැතිව තිබූ බවට කෙළින රාජපක්ෂගේ කෙබරය බොරු කරමින් මෙම සැසිවාරය තුළදි ද ගෙනෙන ශ්‍රී ලංකා යෝජනාවට සහාය දෙන ලෙස ඉල්ලමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්ථමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජපක්ෂගේ ප්‍රකාශයට දිනකට පසු නිකුත් කරන ලද මෙම නිවේදනය එක් අතෙකින් ඔහුගේ ව්‍යාජ ප්‍රචාරයන්ට දෙන ලද පිළිතුරක් වැන්න.

එම නිවේදනයට අනුව මෙම වසරෙහිද ශ්‍රී ලංකා යෝජනාව සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ ඇමෙරිකාවයි.

තවද එම නිවේදනය පැහැදිළිවම කියන්නේමෙවර ඉදිරිපත් කැරෙන යෝජනාව වෙනුවෙන් ඇමෙරිකාව වෙත බ්‍රිතාන්‍ය, මොන්ටෙනෙග්‍රෝව, මැසඩෝනියාව සහා ශ්‍රී ලංකා රජයේ සහාය හිමි වූ බවත්  මෙහි ඇතුලත් කරුණුවලට එකඟ වීම තුලින්, ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ යුක්තියට, නැවත ගැටුම් ඇති නොවන වාතාවරණයක් ඇති කිරීමට සහ ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ නිදහස ශක්තිමත් කිරීමට අනුබල ලැබෙන බවත් ය‍.

සම්පූර්ණ යෝජනාව පහත දැක්වේ.

ශ්‍රී ලංකාව පිලිබඳ මානව හිමිකම් මණ්ඩල යෝජනාවට සහාය දැක්වීම

මාධ්‍ය ප්‍රකාශනය
මාර්ක් සී. ටෝනර්
වැඩබලන රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක
වොෂින්ටන් ඩී. සී.
මාර්තු 15, 2017

මාර්තු 13 වන දින, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාවට හිතවත් රටවල් විසින් සියලු ශ්‍රී ලාංකික ජනතාවට තිරසාර සාමය සහ යුක්තිය ඉටු කරලීමට අපගේ කැපවීම පිළිබිඹු කරමින්, ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම් සහ මානව හිමිකම් වලට අනුබල දීමේ යෝජනා කෙටුම්පතක් සභාගත කරන ලදී.

මෙම යෝජනා කෙටුම්පත වෙනුවෙන් ඇමෙරිකාව වෙත බ්‍රිතාන්‍ය, මොන්ටෙනෙග්‍රෝව, මැසඩෝනියාව සහා ශ්‍රී ලංකා රජයේ සහාය හිමි විය. මෙහි ඇතුලත් කරුණුවලට එකඟ වීම තුලින්, ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ යුක්තියට, නැවත ගැටුම් ඇති නොවන වාතාවරණයක් ඇති කිරීමට සහ ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ නිදහස ශක්තිමත් කිරීමට අනුබල දෙනු ලැබේ.

මෙම යෝජනාවට සම අනුග්‍රහය ලබා දීමට නැවත වරක් ශ්‍රී ලංකාව එකඟ වීම පිළිබඳව එක්සත් ජනපදය සතුටට පත්වන අතර, ශී ලංකාවේ සංහිඳියාව සහ සාමයට සහාය වීම සඳහා මෙම යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට එක්සත් ජාතීන්ගේ අනෙකුත් සාමාජික රටවලට ආරාධනා කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ සංහිඳියාවට උර දීමට සඳහා ජනාධිපති සිරිසේන මහතාගේ රජය විසින් නොනවත්වා දරන ප්‍රයත්නයන් පිලිබඳ එක්සත් ජනපදයේ ප්‍රසාදය මෙමගින් පල කරන්නෙමු.

Home

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article