Friday, September 20, 2024

ශ්‍රීලනිපය කනස්සල්ලෙන්: ”මං ඉල්ලුවේ කැබිනට් ඇමතිකමක්”- දයාසිරි

Must read

මෙවර කැබිනට් මණ්ඩලය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුන්දෙනෙකුගේ නම් තමන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

(පොහොට්ටුව) යොමුකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර සඳහන් කරයි.

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවිර සහ තමන්ගේ නම එසේ යෝජනා කර තිබූ බවද ඔහු පවසයි.

එමෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබා දීමේදී සලකා බැලිය යුතු අනුපිළිවෙළ තමන් පැහැදිලිව පෙළගස්වා ලබාදුන් වුවත්, ඒ අනුව එහි මුලින්ම ඇතුළත් කර තිබුණේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ නම බවත් මහ ලේකම්වරයා සඳහන් කරයි. එහෙත් බැසිල් රාජපක්ෂගේ නිර්දේශය මත නම් කර තිබුනේ සුරේන් රගවන්ගේ නමයි.

සති අන්ත ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත ඇමතිවරයා උපුටා දක්වමින් මෙම තොරතුරු වාර්තා කර ඇත.

ශ්‍රී ලනිප මහ ලේකම් දයාසිරි ජයසේකරට මෙවර හිමිව ඇත්තේ රාජ්‍ය ඇමති ධුරයකි.

 

මහින්ද අමරවිරත් නොසතුටින් :

”සදුන් ගසක් කපන්න කපන්න සුවද හමන්නා සේ තමාද විවිධ බාදා හමුවේ උවද වඩාත් ශක්තිමත් ඉදිරියට යන බව මහින්ද අමරවීර අවධාරණය කර සිටියි.”

පරිසර කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර 14 වෙනිදා බත්තරමුල්ල සොබාදම් පියසේ පිහිටි පරිසර අමාත්‍යංශයේදි වැඩ භාර වැඩ භාරගැනිමෙන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවේ තමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරන ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් නිසාවෙන්ම ජනතාවට වැඩි සේවයක් කල හැකි ප්‍රබල අමාත්‍යංශයක් බලාපොරොත්තු වූ බවයි.

එහෙත් මෙවර ලැබුන අමාත්‍යංශයේන් උපරිම සේවයක් ඉටු කරමින් දකුනු අසියාවේ පිරිසිදුම හා අලංකාරවත්ම පරිසරය ඇති රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව ඔහු එහිදී අවධාරණය කළේය.

සදුන් ගසක් කපන්න කපන්න සුවද හමන්නා සේ තමාද විවිධ බාදා හමුවේ උවද වඩාත් ශක්තිමත් ඉදිරියට යන බව ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

අග්‍ර ඵලය ලබා ගැනීමට මෛත්‍රී කල්මරමින් ….

කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ශ්‍රීලනිපයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කිසිදු අමාත්‍ය ධූරයක් හිමිනොවුණු අතර ව්‍යවස්ථා සංශෝධනයක් කර නියෝජ්‍ය අගමැතිකමක් දෙන බවට අගමැතිවරයා පොරොන්දු වී තිබිණ.

අනතුරුව ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්, ‘වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි’ යයි සඳහන් කර තිබිණ.

maithripala FB

(theleader.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article