Friday, September 20, 2024

ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකුගෙන් ICC දූෂණ මර්ධන නිලධාරීන් ප්‍රශ්ණ කරයි.

Must read

ICC දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු රඳවාගෙන ප්‍රශ්ණ කර ඇති බව ලංකාදීප බව් අඩවිය වාර්තා කර සිටියි. මෙසේ රඳවාගෙන ප්‍රශ්ණකර ඇත්තේ දේශීය තරගාවලි සංවිධාන අංශයේ නියෝජ්‍ය කළමනාකාර ධූරයක් දරණ නිලධාරියකුගෙනි.
කොළඹ ප්‍රධාන හෝටලයකදී අදාල නිලධාරියාගෙන් ප්‍රශ්ණ කර ඇත.

දේශීය තරගාවලියකදී සිදුවූයේ යැයි කියන තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට අදාල නිලධාරියා බාරයට ගෙන ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය ද අයි.සී.සී. නිලධාරීන් බාරයට ගෙන තිබේ. මින් පෙරද මෙවැනි චෝදනා මෙම නිලධාරියට එරෙහිව එල්ල වී ඇත.

ඊයේ දිනයේදී ICCය විසින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක හා පුහුණකරු නුවන් සොයිසා හට වසර 6ක ක්‍රිකට් තහනමක් පැනවීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article