Friday, May 17, 2024

පෙර දැනුම් දීම් කර කර රට වහන්න මේ අවස්ථාවේදී බැරි වෙයි – යුධ හමදාපති

Must read

ඉදිරි සති දෙක තුනක කාලයේ දී මෙරට කොවිඩ් ආසාදිතයින් දැනට වඩා ප්‍රමාණයක් වාර්තා විය හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ (28) ටීවි දෙරණ ඔස්සේ විකාශය වු “අලුත් පාර්ලිමේන්තුව“ වැඩසටහන ට එක්වෙමින් යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ, රටේ වත්මන් කොවිඩ් තත්ත්වය සැලකිය යුතු මට්ටමක පවතින බවය.

“දහස පැනලා 1500ක වගේ අගයකට ඇවිල්ලා තියෙනවා මේ අවස්ථාව වන විට. හෙට, අනිද්දා, ඊළඟ සතිය දෙක වෙද්දි මීට වැඩිය අගයක් ගැනීමට වුණත් හැකියාවක් නොමැතිව නොවේ.“

රටේ ජනතාව අද වන විට වැදගත් සංධිස්ථානයක් වෙත පැමිණ ඇතැයි ද පැවසු යුද හමුදාපතිවරයා‍, කොතෙක් ජනතාවට මේ පිළිබඳ දැනුවත් කර තිබුණ ද සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය නොකිරීම ආසාදිතයින් වැඩිවීමට හේතුවක් වී ඇතැයි ද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“අපිට ආරංචි වුණොත් සැලකිය යුතු ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයින් හමුවෙලා තියෙනවා කියලා, එම ප්‍රදේශයටත් පොදුවේ අනෙකුත් අසල්වැසි ප්‍රදේශවලටත් යම්කිසි බලපෑමක් කොවිඩ් පැතිර යෑමක් තියෙනවා කියලා තේරුම් යනවා නම් සෞඛ්‍ය අංශවලින් දැනුම්දුන් වහාම අපි පළමු අවස්ථාවේ දීම හුදකලා කරනවා. පෙර දැනුම්දීමක් කොයි වෙලාවේවත් කරන්න ලැබෙන්නේ නෑ. මේ වතාවේ පෙර දැනුම්දීම් කර කර වහන්න ලැබෙන්නේ නෑ අපිට. යම් කිසි ප්‍රදේශයක් හුදකලා කිරීමට අවශ්‍ය වුවහොත් අපි අනිවාර්යයෙන් ම කරනවා. නමුත් රටක් වහන්න සුදානමක් නෑ. ඕනෑම අවස්ථාවක කොවිඩ් තත්ත්වයක් ඇති වෙලා නම් පෙර දැනුම්දීමකින් තොරව හුදකලා කිරීමට සිදුවෙනවා.“

එම වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ, රට ඉතාමත් ම අවදානම් තැනකට පත්ව ඇති බවය.

ඉදිරියේ දී සෞඛ්‍ය පද්ධතියට දැරිය හැකි ධාරිතාවය ඉක්මවා යෑමෙන් සියලුදෙනාට ප්‍රශ්නයක් ඇති විය හැකි බවත් වෛද්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

(අදදෙරණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article