එළඹෙන ජනාධිපතිවරණය සදහා ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් අපේක්ෂයෙකු ඉදිරිපත් නොකරන්නේ නම් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා නම් කිරීමට පියවර ගන්නා බව ශ්රිලනංප වැඩබලන ලේඛම් රජිත කොඩිතුවක්කු මහතා පවසයි.
ඒ අනුව ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් වෙල්ගම මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම හෙට (04) සිදුකරන බවත් කොඩිතුවක්කු මහතා සදහන් කලේය.
කුමාර වෙල්ගම මහතා හා ශ්රිලනිප නායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (03) පැවැත්වීමට නියමති බවද ආරංචි මාර්ග පවසයි.