වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් හඳුන්වාදීමේ රැස්වීමක් සහ මැතිවරණයට සූදානම් වීමේ වැඩසටහන ඊයේ (13.02) පැවැත්විණි.
මෙම උත්සවය වව්නියාව පළමු හරස් පාරේ පිහිටි පෞද්ගලික ශාලාවකදී සංවිධානය කර තිබු අතර මෙහිදි වවුනියාව මහ නගර සභාව, වවුනියාව උතුර, වෙන්කලචෙට්ටිකුලම්, වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභාව සඳහා තරඟ වදින අපේක්ෂකයින් හඳුන්වාදීම සිදු කෙරුණු අතර මැතිවරණයට අදාළ සූදානම් කිරීමේ වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මෙම රැස්වීමට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගයන් රාමනාදන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ නිලධාරී සජීන් වාස්, පක්ෂයේ දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා අපේක්ෂකයින් සහ මහජනතාව ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
වසන්ත රූබන්- වව්නියාව