Sunday, December 22, 2024

ශ්‍රි ලංකා ඉන්දිය මගි ප්‍රවාහන යාත්‍රා සේවය ඇරඹිම කල් යයි !

Must read

අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මගී ප්‍රවාහන යාත්‍රා සේවාව තවත් දින දෙකකට කල් දැමූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ඒ අනුව මෙම යාත්‍රා සේවාව බ්‍රහස්පතින්දා (12) ආරම්භ වේ. ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ (KKS) යා කරමින් මෙම සේවාව අද  ( 10 ) ආරම්භ වීමට නියමිතව තිබුණි. 

 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවය අඟහරුවාදා (ඔක්තෝබර් 10) ආරම්භ කිරීමට නියමිත ;තිබුනි.

ඒ  දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර වසර 12 කට පමණ පසුව විමද විශේෂත්වයකි

තමිල්නාඩුවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ යාපනයේ කන්කසන්තුරේ අතර මෙම සේවාව ක්‍රියාත්මක විමට නියමිත අතර එහි ගමනාගමන කාලය පැය තුනක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ මගී සේවාව සදහා භාවිත කරනු ලබන යාත්‍රාවේ නම  චෙරියපානි වන අතර  මගීන්ට කිලෝග්‍රෑම් 40ක් දක්වා බරින් යුත් ගමන් මලු නොමිලේ රැගෙන යාමටද  අවසර ලැබේ.
මෙම යාත්‍රාවේ එකවර මගීන් 150 දෙනෙකුට ගමන් කළ හැක

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article