Tuesday, May 14, 2024

වෛද්‍ය සාෆිට එරෙහිව වද පැමිණිලි කල 157ක් පිරිමි.

Must read

 

වෛද්‍ය සාෆි විසින් සිසේරියන් ශල්‍යකර්මය කළ කාන්තාවන් වඳ බවට පත්කර ඇතැයි කියා මෙතෙක් ලැබී අත් පැමිණිලි අතුරින් පැමිණිලි 157ක් සිදුකර ඇත්තේ පිරිමි පුද්ගලයන් විසින් බව වාර්ථා වී ඇත. මේ බව අනාවරණය කර සිටියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා විසින් ඊයේ (19) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එමෙන්ම වෛද්‍ය සාෆි විසින් තමන් වද භාවයට පත්කලායැයි කියමින් පැමිණිලි ඉදිරිපත් කල කාන්තාවන්ගෙන් ගැබ්ගෙල අවහිර වී ඇත්දැයි පරීක්සාවට ලක්වීමට කැමැත්ත පල කර ඇත්තේ කාන්තාවන් 71 පමණක් වන අතර නැවතත් පිලිසිද ගැනීමක් සිදුනොවුයේ තම ස්වාමිපුරුෂයාගේ සරුභාවයේ ගැටළුවක්දැයි යන්න සැකහැර දැනගැනීම සදහා ඔහුවද පරික්ෂා කල යුතු බව දැන්වීමෙන් අනතුරුව එම කාන්තාවන් 71 කොටසක්ද පරීක්ෂණ සදහා ඉදිරිපත්වීමට සිය අකමැත්ත පල කර තිබේ.

එලෙසම මෙසේ පැමිණිලි ඉදිරිපත් කල බොහෝ කාන්තාවන් තමන් සිසේරියන් ශල්‍යකර්මයට භාජනය වූයේ වෛද්‍ය සාෆිගෙන් බවට තහවුරු කිරීම සදහා කිසිදු සාක්ෂියක්ද නොමැති පිරිසක් බවද මේව වන විට තහවුරු වී ඇත.

කෙසේ වෙතත් මේ වන විට වෛද්‍ය මාෆිට එරෙහිව පැමිණිලි කල කාන්තාවන් පරික්ෂා කිරීම සදහා කොළඹ ප්‍රධාන කාන්තා රෝහල් දෙකක් සූදානම් කෙරෙමින් පවතින බවද වාර්ථා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article