Friday, September 20, 2024

විශබීජ නාශක දියර කොරෝනාවට ප්‍රතිකාරයක් වශයෙන් භාවිතා කල හැකිද? – ඇමරිකානු ජනාධිපති විමසයි

Must read

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් වශයෙන් විශබීජ නාශක දියර රෝගීන්ට එන්නත් කිරීම පිළිබදව පර්යේෂණ පවත්වන ලෙස යෝජනා කිරීමෙන් අනතුරුව එරට වෛද්‍ය ක්ෂේත්‍රයේ පිරිස් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා හාස්‍යයට ලක්කිරීම ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කර සිටියි. විශබීජ නාශක දියර එන්නත් කිරීමට අමතරව පාරජම්බූල කිරණ සදහා රෝගීන් නිරාවරණය කිරීමටද ඇමරිකානු ජනාධිපතිවරයා යෝජනා කර ඇතැයි වාර්ථා වෙයි.

ඊයේ දිනයේදී ධවල මන්දිරයේදී ඇමරිකාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා වන කමිටු රැස්වීමේදි ඇමරිකානු ජනාධිපතිවරයා විසින් මෙම අදහස් දක්වා ඇත.

කෙසේ වෙතත් මේ වන විට ඇමරිකාව පුරා වෛද්‍යවරුන් විසින් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට සිය විරෝධය පල කර ඇති අතර මාධ්‍යවේදින්ගේ මතය වී ඇත්තේ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය භායනක ප්‍රථිඵල ඇති කරන්නක් විය  හැකි බවයි.

 

(බීබීසී ඇසුරිණි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article