Saturday, September 21, 2024

විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම කඩිනමින්

Must read

c98ea6559fd14f08dfae51b924ea1ee3_L

විදේශගත ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමට අදාළ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් ඒ සඳහා සියලුම විදේශගත ශ්‍රමිකයන් ශ්‍රමික සුරැකුම යටතේ ලියාපදිංචි වියයුතු බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ශ්‍රමික සුරැකුම් සේවය යටතේ අනුරාධපුර තඹුත්තේගම පැවති වැඩසටහනට  එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විදේශ ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කර තිබෙන බවත් ශ්‍රමික සුරැකුම යටතේ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ  ලියාපදිංචි වී එය ලබා ගත හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ජනතාවගේ ප්‍රශ්න ගමට ඇවිත් විසඳන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන අතර පක්ෂ පාට භේදයක් නැති පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශගත පැමිණෙන පිරිසට ඉදිරියට තම ජීවිකාව ගොඩනගා ගැනීම සඳහා ස්වයං රැකියාවක් කරගෙන යාම සඳහා උදව් ලබා දෙන වැඩපිළිවෙළක් ද සකස් කර තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

උපුටාගැනීම – http://sinhala.news.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article