වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව එළඹෙන ජූලි 18 වැනි දින කැඳවීමට හා ඉන්පසුව එය අඛණ්ඩව විභාගයට ගැනීමටත් තීරණය කර ඇත. මෙම නඩුවේ විනිසුරුවරුන් වශයෙන් කටයුතු කරනු ඇත්තේ ගිහාන් කුලතුංග , ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවන්ය.
එවක පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ කටයුතු කල පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, එවක මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස කටයුතු කල එමිල් රන්ජන් ළමාහේවා හා බන්ධනාගාර බුද්ධි ඒකකයේ කටයුතු කල ඉන්දික සම්පත් යන චූදිතයන්ට එරෙහිව එම නඩුව විභාග වේ.
(newstube.lk ඇසුරිණි.)