Friday, September 18, 2026
spot_img

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතිය බිද වැටෙයි

Must read

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනය මගින් සකස් කර තිබූ පරිගණක ජාල පද්ධතිය අඩාළ වීමෙන් ඊයේ (7 වැනිදා)දිවයිනේ පළාත් නවය තුලම අයත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලවල කටයුතු බිඳ වැටී තිබුණ බව වාර්තා වෙයි. මේ හේතුවෙන් පළාත් නවයේම කාර්යාල වෙත සේවාවන් ලබාගැනීමට පැමිණි දහස් ගණනකට වාහන ආදායම් බලපත්‍ර ලබාගත නොහැකිව නැවත පිටව යාමට සිදුවී ඇත.

​මෙසේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය බිදවැටීමට හේතු වී ඇත්තේ 01 වැනිදා සිට රට විවෘත වීමත් සමග විශාල පිරිසක් එකවර වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට පැමිණිමත්, පරිගණක ජාල පද්ධතියට දරාගත නොහැකි ධාරිතාවකින් දත්ත ඇතුළත් කිරීමත් බව තොරතුරු තාක්ෂණ, සන්නිවේදන ආයතනයේ ප්‍රධානියෙකු මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් පවසා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article