Friday, November 22, 2024

වාලච්චේන ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් – අයවැය දෙවනවර කියවීම කල්තබයි

Must read

වාලච්චේන ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය වාර්තාව දෙවනවර ඉදිරිපත් කිරීමේ සැසිවාරය අදට යෙදී තිබුණ අතර සැසිය ආරම්භවීමට පෙර  ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන්  වාලච්චේන ප්‍රාදේශීය සභාව නැවත කල් දමා තිබේ. රැස්වීම ආරම්භ කිරීමට කටයුතු සුදානම්වී තිබියදී  ප්‍රාදේශීය සභාපතිවරයා සහ උප සභාපතිවරිය අතර ඇතිවූ උණුසුම් බහින්බස්වීමක් හේතුවෙන් සභාව කල්තබා තිබේ.  වාලච්චේන ප්‍රාදේශීය සභාවේ පාලන බලය හිමිව ඇත්තේ තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් (TMVP) පක්ෂයට වන අතර උප සභාපතිවරිය ශ්‍රී.නි.ප. ය නියෝජනය කරනු ලබයි. සභාපතිවරයා සහ උප සභාපතිවරිය අතර ඇතිවී ඇති කලහාකාරී තත්ත්වය හේතුවෙන් සභා පරිශ්‍රයේ නොසන්සුන්ක වාතාවරණයක් ඇතිවී ඇති අතර පොලීසිය ද කැදවා තිබේ.

 

රැද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article