Friday, September 20, 2024

වාලච්චේනේ රෝහලේ නිලධාරියෙකුට පහරදීමට එරෙහිව විරෝධතාවයක්

Must read

ඊයේ (23) වනදා  උදෑසන මඩකලපුව වාලච්චේනෙයි මූලික රෝහලේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කළ රෝගියෙකු බැලීමට පැමිණි ඥාතීන් සහ  කොරෝනා රෝගීන්ගේ ඒකකය භාර  නිලධාරියා අතර යම් මතභේදයක් ඇතිවී ඇති අතර  එහි ප්‍රතිපළයක් ලෙස  දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවී තිබේ. මෙහිදී  එම ඥාතීන් විසින්  නිලධාරීන්ට පහර දී ඇත බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ නිලධාරීන් තිදෙනා එකම රෝහලක ප්‍රතිකාර ලබති. සැකකාරියක ලෙස කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු වලයිචෙනෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වලයිචෙනෙයි දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇත. පොලිසියේ සාක්ෂි විභාග කිරීමෙන් අනතුරුව විනිසුරුවරයා ඇප මත මුදා හරින ලෙස පොලිසියට නියෝග කර තිබේ.

මෙම ප්‍රහාරය හෙළා දකිමින් මඩකලපුව වාලච්චේනෙයි මූලික රෝහලේ කාර්ය මණ්ඩලය සිකුරාදා උදෑසන  රෝහල් කළමනාකාරිත්වය, වෛද්‍යවරුන් සහ හෙදියන් සමඟ එක්ව,  පහර කෑ නිලධාරීන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා විරෝධතාවයක් දියත් කළහ.  වලයිචෙනෙයි ප්‍රධාන මාර්ගයේ දි සටන් පාඨ රැගෙන  විරෝධතාවයේ නිරත විය. ‘රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම’, ‘සෞඛ්‍ය සේවාවට වටිනාකමක් එක් කිරීම’, ‘අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබාදීම’ සහ ‘රජයේ සේවකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම’ වැනි සටන් පාඨ සහිත බැනර් ඔවුහු රැගෙන ගියහ. පැයක් පමණ වැඩ නතර කිරීම නිසා රෝහල් පරිපාලනය අක්‍රීය වූ අතර  එහි ප්‍රතිඵළයක් ලෙස බාහිර රෝගී අංශය සහ අනෙකුත් රෝහල් ඒකක වසා දමා වෛද්‍ය සේවා කඩාකප්පල් විය.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article