Saturday, September 21, 2024

වාලච්චේනේ රිය අනතුරකින් සිව්දරු පියෙක් මියයයි

Must read

මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සිදුවූ රිය අනතුරකින් පවුලේ සාමාජිකයෙකු මියගොස් ඇති බව වාලච්චේන පොලිසිය පවසයි.
මෙම අනතුර සිදුවීම සිදුවී ඇත්තේ  අද අලුයම වන අතර අනතුරෙන් මියගොස් ඇත්තේ විනායගපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවන් 4 දෙනෙකුගේ පියෙකු වන කෝ.මුරුගන් (52) නමැත්තෙකි. මෙම පුද්ගලයා ඥාතියෙකුගේ අවමංගල්‍ය නිවසකට පැමිණ සිටි පිරිසට කෑම කඩයකින් දිවා ආහාරය ලබා ගැනීමට යද්දී පිටුපසින් පැමිණි  වාහනයක් සමග ඔහුගේ  යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරෙන් පසු ඔහුව වාලච්චේන  රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදී ඇතත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

කේ.රුද්‍රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article