Friday, September 20, 2024

වාලච්චේනේ කොරෝනා ආසාධිතයින් 16ක්

Must read

මඩකලපුවේ වාලයිචෙනෙයි ප්‍රදේශයේ  පුද්ගලයින් 16 දෙනෙකුට කොරෝනා ආසාදනය ඇති බව හඳුනාගෙන තිබේ. ඔවුන් සමග සම්බන්ධතා පවත්වා ඇති තවත් පුද්ගලයන්  500 ක් හඳුනාගෙන ඇති අතර ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ වලට යොමුකර ඇති බව  මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ.එස්. කරුණාකරන් මහතා පැවසීය. මෙලෙස කොරෝනා අසාධිත 16 දෙනා පෑළියගොඩ මාළු වෙළඳපොළට සම්බන්ධවූවන් බව තහවුරුවී තිබේ.
සතියක් පුරා මඩකලපුව දිස්ත්‍රික්කයේ කොණ්ඩා මෝස්තර සැලෝන්  අත්හිටුවීම තීරණය කර ඇති බව  දිස්ත්‍රික් ලේකම්වරයා නිවේදනය කරන ලදී.

මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන  වල  රැස්වීමට අවසර දී ඇත්තේ ආගමික නායකයෙක් ඇතුළුව 05 දෙනෙකුට පමණී. මෙම සීමාකිරිම සතියක් පුරා පැවතෙනු ඇත. දැනටමත් තීරණය කර ඇති විවාහ උත්සව සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගනිමින් ඔහු කියා සිටියේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී විය හැක්කේ 15 දෙනෙකු පමණක් බවයි.

මීට අමතරව, මඩකලපුව, කාත්තන්කුඩි , එරාවූර් සහ කළුවන්චිකුඩි වැනි නාගරික ප්‍රදේශවල වෙළඳපල පාලනය වන අතර සියලු සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කරනු ඇත.හෙට සිට සතියක් සඳහා මෙම ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ.එස්. කරුණාකරන් මහතා

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article