මඩකලපුව බන්ධනාගාරයට අයත් ඉඩම වසර 30 කට පසු වගා කර අස්වනු නෙළා ගැනිම වෙනුවෙන් අද උත්සවයක්ද සංවිධානය කර තිබුණි.
අතීතයේ පැවති යුද්ධය හේතුවෙන් නොසලකා හරින ලද තිරුපරුන්ඩුරායි ප්‍රදේශයේ මඩකලපුව බන්ධනාගාරයට අයත් ඉඩමෙහි කෘෂිකාර්මික කටයුතු මෙවර ආරම්භ කර තිබුනේ වසර 30 කට පසුවය.
අස්වැන්න නෙළීමේ උත්සවය අද (සෙනසුරාදා) මඩකලපුව බන්ධනාගාර අධිකාරී සුජීව ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර සාම්ප්‍රදායික පිළිවෙත් වලට අනුකූලව නමස්කාරය සිදු කරමින් අස්වැන්න නෙළීමේ උත්සවය ආරම්භ කර තිබුණි.
මෙම අවස්ථාවට මඩකලපුව බන්ධනාගාර ප්‍රධානී ජේලර් ආර්. මොහාන්රාජ් ඇතුළු බන්ධනාගාර නිලධාරීන් මෙන්ම බන්ධනාගාර පරිපාලන නිලධාරීන් ද සහභාගී වූහ. පළමු අදියරේදී අක්කර 18 ක පමණ භූමි ප්‍රමාණයක් වගා කර තිබේ
මුලාශ්‍රය සහ ඡායා – battinews.com
වසර 30 කට පසු මඩකලපු බන්ධනාගාරයට අයත් ඉඩම අස්වද්දයි !
