Sunday, December 22, 2024

වසන්ත මුදලිගේ , බූස්ස සහ දමිළ දේශපාලන සිරකරුවෝ …

Must read

වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වාහාම නිදහස් කරන ලෙස සහ ඔහුව බූස්ස බන්ධනාගාරයට මාරු නොකරන ලෙසත් බල කරමින් ‘අරගලයේ’ ක්‍රියාකාරීන් පිරිසක් අද (21) බොරැල්ලේ පිහිටි බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූහ.

එම විරෝධතාවට එක්වූ ස්වාමීන්වහන්සේ ඇතුළු අරගයේ නියෝජිතයන් පිරිසක් බන්ධනාගාර කොමසාරිස්වරයෙක් හමුවී වසන්ත මුදලිගේ, බූස්ස බන්ධනාගාරයට මාරු නොකරන ලෙසත් ඔහුගේ ජීවිත ආරක්‍ෂාව සළසන ලෙසත් ඉල්ලා සිටි බවත් වාර්තා වේ.

මේ අතර මිට කලකට ඉහතදි විදර්ශණ කණ්නන්ගර විමසා තිබුනේ වසන්තලා නිදහස් වු පසු ත්‍රස්ත පණතට එරෙහි අරගලයත් නිමවනවා දැයි කියාය.
මේ පණත යටතේ දශක ගණන් සිරකර ඇති අයද වෙති. මේ අය ගැන දකුණට එතරම් ගාණක් නැති බව ඉතා පැහැදිලි ලෙස පෙනෙන්නට තිබුණි.

වසන්තව බූස්සට ගෙනියනවාට එරෙහිව පාරට බහින අයට දෙමළ සිරකරුවන් ගැන අමතක විම අහම්බයක්ද ?

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article