Tuesday, December 24, 2024

වසන්තලාගෙන් පසු පෙසපෙ PTA කඩේ වහයිද ?

Must read

ත්‍රස්ත පණතට අදාලව දැනට දකුණේ ක්‍රියාත්මක අරගලයට අදාල විදර්ශණ කණ්නන්ගර ඉතාමත් වැදගත් කරුණක් පමණක් නොව ඉතාමත් වැදගත් දේශපාලන අභියෝගයක් සිය ෆේස් බුක් පිටුවේ සටහනක් ලෙසින් තබා ඇත.එයට දැනටමත් ඉතාමත් වැදගත් ප්‍රතිචාරද ලැබෙමින් පවති. මෙම සංවාදයේ මුලික හරය වන්නෙ පෙසපෙ වසන්තලාගෙන් පසු PTA එකට එරෙහි සටන දෙන ප්‍රමුඛතාවය අතහැර දමයිද කියන කරුණුයි.පෙසපෙ ට සම්බන්ධ අන්තරය විසින් දැනටත් වඩාත් උද්යෝගයෙන් යුතුව රට පුරා දිනපතා සතිපතා අරගෙන යමින් සිටින අරගලයේ මාධ්‍ය සංදර්ශන නිමිත්ත බවට පත් ඇත්තේ වසන්ත සහ සිරිධම්ම හිමියන්ය.පෙසට ලව් කරන ඇතැමුන්ට අනුව සනන්තලාගේ සිරිධම්ම හිමිලාගේ දින 90 වසර 16 ක් තිස්සේ ත්‍රස්ත පණත යටතේ සිරගත කොට ඇති දමිල සිරකරුවන් ගේ සිරගත කිරිම්වලට වඩා බරපතලය.
දින 90 ක් දින 5000 ගානකට වඩා වැඩියැයි මේ අය සිතති.මේ සැබැවින්ම දේශපාලනික නොදැනුවත්කම හෝ දේශපාලනික උපයෝගිතාවාදය යැයි කිව හැක.දැනට පෙසපෙ හා එක්ව සිටින ජෝශප් ස්ටාලින් වැනි දමිල මුස්ලිම් ජනයාගේ අයිතින් වෙනුවෙන් දිවි හිමියෙන් පෙනි සිටින ඉතිහාසයක් අත්දැකිම් තිබිමදි මඩකලපුවට ගොස් ත්‍රස්ත පණත යටතේ අත්අඩංගුවට ගෙන ඇති වසන්තලා සහ සිරිධම්ම ලා ගැන සිංහලෙන් ලියු බැනර් අභියස හිටගත්තේ කෙසේ දැයි සැබැවින්ම ගැටළුවකි.මන්ද ජෝශප් යනු දේශපාලනය උපයෝගිතාවාදය මත නොව ප්‍රතිපත්ති මුලික කරුණු මත පමණක් සැමදා තෝරාගත් අයෙකු විම නිසාය.කෙසේ වෙතත් විදර්ශන විසින් මතුකර ඇති අභියෝගයකට දැනටමත් එක්වෙමින් ඇති ප්‍රතිචාර වලින් පෙසපෙ ස්ථාවරය ගැන පැති ගණනාවකින් ප්‍රශ්ණ කර ඇති සැටි පැහැදිලිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article