Friday, May 17, 2024

වව්නියාවේදී ජනපතිට අභියෝග කළ මව්වරු !

Must read

ඊයේ පෙරවරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කිරීමට ගිය අවස්ථාවේදී යුද සමයේදී අතුරුදහන්වූවන්ගේ මව්පියන් පැමිණ විශාල විරෝධයක් දක්වන ලදී. ඒ ජනාධිපතිවරයා වවුනියාව පඹයිමඩු විශ්වවිද්‍යාලයට පැමිණි අවස්ථාවේදීය. කළු කොඩි රැගෙන පැමිණි අතුරුදන්වී ඇති සාමාජිකයින්ගේ මව්වරු,ඥාතීන් මෙම අවස්ථාව නියෝජනය කර ඇති අතර, විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වි තිබේ.
මව්වරුන් පොලිස් බාධක බිඳ දැමීමට උත්සාහ කිරීමත් සමඟ ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. “අතුරුදහන් වූ අපේ ඥාතීන්ට යුක්තිය ඉටුවිය යුතුයි, යුද අපරාධකරු ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි, ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍යයි” යනුවෙන් ඔවුහු හඬ නැගූ බව ප්‍රාද්ශීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන් අනතුරුව ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙක් පැමිණ විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කර දෙදෙනකුට පමණක් පැමිණ ජනාධිපතිවරයා හමුවන ලෙස ඉල්ලා සිටි බවද වාර්තා වේ.


එස්.තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article