Friday, November 1, 2024

වර්ජන, තර්ජන මැද රුපියල ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වෙයි !භුමිතෙල් මිළත් පහලට !

Must read

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබේ. 

ඒ අනුව අද (01)  රජයේ ප්‍රධාන බැංකුවල ඩොලරයක ගැනුම් මිල රුපියල් 353 ක් සහ විකුණුම් මිල රුපියල් 363යි සත 30ක් ලෙස සටහන් විය.

මේ අතර ඇතැම් පෞද්ගලික වාණිජ බැංකුවල ඩොලර් එකක විකණුම් මිල රුපියල් 360ක් දක්වා අඩු වීමක් වාර්තා කළේ ය.

මීට අමතරව බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක විකුණුම් මිල සටහන් වුණේ, රුපියල් 439 යි සත 43ක් ලෙසයි.

යුරෝ එකක විකිණුම් මිල රුපියල් 391 යි සත 32 ක් ලෙස දැක්විණි.

මේ අතර රජයට පාඩු කිරිමේ අරමුණින් ඇතැම් වෘත්තිය සමිති මේ වන විට වැඩවර්ජනයකට එක්ව සිටින බව දේශපාලන ක්‍රියාකාරින් කිප දෙනෙකුම සිය ෆේස් බුක් පිටුවල සටන් තබා තිබුණි.


බැංකු සේවකයන් විසින් අරඹන්නට යෙදුන වර්ජනය හේතුවෙන් බැංකු ක්ෂේත්‍රයේද යම් අර්බුදයක් නිර්මාණය විමට ඉඩ ඇතැයි ඇතැම් දේශපාලන විචාරකයන් පවසා සිටිති

මේ අතර විශේෂයෙන්ම ධිවරයන්ද ඇතුළු අඩු ආදායම් ලාභින් රැසකට බරපතල ගැටලුවකවතිබුණ බුමිතෙල් මිළ ලිටරයක් රු 50 කින් අඩුකිරිමටද රජය පියවර ගෙන ඇත

භූමිතෙල් මිල අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුමත කර තිබේ.

ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක් ​​රුපියල් 50කින් ද (නව මිල රු. 305) කාර්මික භූමිතෙල් ලීටරයක් ​​රුපියල් 134කින් ද (නව මිල රු. 330) පහත හෙලනු ලැබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article