Monday, May 20, 2024

වට්ටක්කා සැණකෙළිය ග්‍රීන් පාත්හිදී

Must read

(2.45 pm ) වට්ටක්කා ගොවීන්ගේ දුකට කොළඹින් පිළිතුරක් ලෙස Pumpkin Famers Festival  නමින් දැවැන්ත වට්ටක්කා සැණකෙළියක් සංවිධානය කරන්නට සර්වෝදය ව්‍යාපාරය අද (22දා) කටයුතු යොදා තිබෙනවා.

කොළඹ ග්‍රීන්පාත් හීදී අද උදෑසන ආරම්භවූ මෙම සැණකෙළියේදී වට්ටක්කා කිලෝ ලක්ෂයක් අලෙවි කිරීමට නියමිත බව සර්වෝදය ෆයිනෑන්ස් හී සභාපති චන්න ද සිල්වා මහතා අදට පවසා සිටියේය.

මෙම සැණකෙළියේදී වට්ටක්කා වලින් නිෂ්පාදනය කළ හැකි ආහාර විශේෂ රැසක් හදුන්වා දීම සිදු කෙරන අතර වට්ටක්කා පුඩිං,වට්ටක්කා කේක්, වට්ටක්කා අග්ගලා ආදිය ඒ අතර වේ.

ගල්කිස්ස හෝටලයේ ප්‍රධාන සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් මෙම සැණකෙළිය නැරඹීමට පැමිණෙන සියල්ලට වට්ටක්කා වලින් සැකසූ සුප් හා තැම්බූ වට්ටක්කා රස බැලීමට නොමිලේ ලබා දීමද විශේෂත්වයකි.මෙම සැණකෙලිය අද රාත්‍රී 9.00 වනතෙක් පැවැත්වීමට නියමිතය.
මුලාශ්‍රය – ada.lk

ජායාරූප ඉසුරු පෙරේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article