Friday, May 3, 2024

වකුගඩු ජාවාරම් කථා අස්සේ අමතකව යන වකුගඩු රෝගින්ගේ ඇත්ත කථාව …

Must read

බොරැල්ල ප්‍රදේශයේ රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් ගැන මේ දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල මෙන්ම විවිධ වෙබ් අඩවිය වලද දිනපතා නැවත නැවතත් වාර්තා පළකරමින් තිබේ.එයට අනුව එහි දැවැන්ත ජාවාරමක් සිදුවෙමින් ඇති අතර එය අද ඊයේ පමණක් සිදුවු දෙයක්ද නොවේ.

වරින් වර මාධ්‍ය විසින් මතුකළද වකුගඩුවක් බද්ධ කරගැනිමේ අවශ්‍යතාවය සදහා වෙනත් විකල්පයන්  ඉදිරිපත් නොවෙන තාක කල් ඇති හැකි අය මෙවැනි රෝහල් වලට මිලියන ගණන් ගෙවා වකුගඩු බද්ධ කරගනිති.

සියල්ල ජාවාරම් වෙමින් ඇති රටක දැන් අවයවද ජාවාරම් අතරට එක්ව තිබේ.මේ දිනවල මාධ්‍ය වලින් රහ කරමින් තැබෙන සටහන් වල දැක්වෙන්නේ වෘෂණ කෝෂ වලටද දැන් හොද මිළක් ඇති බවය.

ලංකාව තුල විශාල වකුගඩු රෝගින් පිරිසක් වකුගඩුවක් බද්ධ කරගැනිමට කිසිදු හැකියාවක් නොමැතිව ඉතාමත් අසරණව සිටින ආකාරය රටේ බලධාරින්ට හෝ මාධ්‍ය වලට ලොකු ගැටළුවක් වි නැති සෙයකි.

මේ නිසාම මේ රෝගින්ගේ කදුළු කථා පරයා යමින් වකුගඩු ජාවාරම් ගැන මේ දිනවල තරගයට මෙන් මාධ්‍ය විසින් උඩදමන්නට පටන් ගෙන ඇත.
ලංකාව තුල පවතින නිතිය අනුව අවයව මුදලට විකිණිම නිති විරෝධි වේ.එහෙත් දන්දිම උතුම් ක්‍රියාවකි.

එහෙත් වකුගඩු දන්දිම උනන්දුකරවන සමාජ කතිකාවක් රටතුල ඇත්තේම නැති තරම්ය.අඩුම තරමින් මොළය මිය ගිය අයගේ අවයව ජිවත්ව සිටින්නක් සුවපත් කිරිම සදහා යොදවා ගත හැකි ආකාරය ගැන සමාජ කතිකාවක් නිර්මාණය කිරිමට රජය  හෝ මාධ්‍ය විසින් කටයුතු කරන බවක්ද නොපෙනේ.

මේ පසුබිම තුල ජිවත්විමේ ආශාවක් ඇති ඇති හැකි අය කරන්නේ මිලියන ගණණක් හෝ ගෙවා වකුගඩුවක් බද්ධ කරගැනිමට ඇති හැකියාව ප්‍රයෝජනයට ගැනිමය.

ජාවාරම නිර්මාණය වන්නේ මේ අනුවය.ඒ අනුව දැන් මාධ්‍ය විසින් හෙළිදරව් කර සිටින එක් රෝහලක් වන මේ ජාවාරමක් ගැනය.
මේ සදහා අදාල විවිධ පැකේජ පවා නිර්මාණය කර තිබෙනවාට සැක නැත.

ද්‍රරිද්‍රතාවයේ පතුලට ගිලි ගිය ජිවිත රැසක් බිහිකර ඇති මෙරට දේශපාලනය විසින් ජිවත්විම සදහා සිය අවයව විකුණා දමන්නට බලකරන තැනට රට පත්ව තිබේ

ඒ අනුව දැවැන්ත මාෆියාවක් බිහිව තිබේ.

මේ මාෆියාවන්ට අඩුම තරමින් පොඩි හෝ තිතක් තැබිය හැක්කේ රටතුල අවයව දන්දිම උනන්දු කරවන ජාතික වැඩපිළිවෙලක් වෙනුවෙන් මේ රටේ මාධ්‍ය විසින්ද ප්‍රමුඛතාවය දෙනු ලබන ව්‍යායාමක් නිර්මාණ වන්නේ නම් පමණි.

එසේ නොවන තාක්කල් වකුගඩු ගැන කථාබහ , වෘෂණ කෝෂ දක්වා පැතිර යමින් තමන්ගේ නාලිකාව හෝ වෙබ් අඩවියට හිට් එකතු කරගැනිමට එහා ගිය කිසිවක් සිදුනොවනු ඇත.

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article