Friday, September 20, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බවට බ්‍රසීලයෙන් තර්ජනයක්

Must read

 

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බ්‍රසීලය ඉවත් වන බවට එරට ජනපති ජෙයාර් බොල්සනාරෝ තර්ජනය කර තිබේ.

කොරෝනා වයිරස ව්‍යාප්තිය මන්දගාමී වීමට පෙර අගුලු ඉවත් කිරීම අවදානම් බවට ඒක්සත් ජාතීන්ගේ සංවිධානය බ්‍රසීලයට අනතුරු ඇඟවීමෙන් පසු බ්‍රසීල ජනපතිවරයා මෙලෙස තර්ජනය කර ඇත.

මාධ්‍යවේදීන් අමතමින් ජනපති බොල්සනාරෝ කියා සිටියේ සෞඛ්‍ය සංවිධානය පක්ෂග්‍රාහී දේශපාලන සංවිධානයක් බවයි. ඒය පක්ෂග්‍රාහී බවෙන් ඉවත් නොවන්නේ නම් බ්‍රසීලය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම ගැන සලකා බලන බවද හෙතෙම පැවසීය.

පසුගිය බ්‍රහස්පතින්දා වනවිට බ්‍රසීලයේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව ඉතාලිය ද ඉක්මවා ගියේය.

දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව ඉහල ගියද ජනපති බොල්සනාරෝට අවශ්‍ය වි ඇත්තෙතේ රට ඉක්මනින් විවෘත කිරීමට බව විශ්ලේෂකයෝ පවසති.

බ්‍රසීල ජනපතිවරයා දිගින් දිගටම තර්ක කරන්නේ අගුලු දැමීම හේතුවෙන් හටගෙන ඇති ආර්ථික ගැටලු මහජන සෞඛ්‍ය අවදානම ඉක්මවා යන බවයි.

පසුගිය පැය 24 තුළ බ්‍රසීලයේ මරණ1,005ක් වාර්තා වී ඇත.

ඒහි මේවනවිට සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 35,047කි.

බ්‍රසීලයේ සමස්ථයක් ලෙස කොරෝනා ආසාදිතයින් 646,006ක් තහවුරු වී තිබේ.

(Lankadeepa)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article