Monday, May 13, 2024

ලංකාවේ workshop journalist ලා කව්ද ?

Must read

ලංකාවේ ජේෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වු අනින්දා පුවත්පතේ කර්තෘ කේ. ඩබ්ලිව් ජනරංජන පසුගිය දවසක මරු කථාවක් කියල තිබුන.

ඒ තමයි ලංකාවේ ඉන්න workshop journalist ගැන . දැන් මෑතක ඉදන් හැම සතිඅන්තයකම රටපුරාම  විවිධ හෝටල් වල  ජනමාධ්‍යවේදින්ට විවිධ තේමා යටතේ වැඩමුළු පැවැත්වෙනවා

විවිධ තේමාවන් ගැන මාධ්‍යවේදින්ගේ දැනුම වර්ධනය කරගන්න මේ වගේ අවස්ථාවල් යොදා ගැනිම වැදගත් .
නමුත් දැන් වෙලා තියෙන්නේ සති අන්තවල  වැඩමුළු හොයන්න උනන්දුවෙන තත්වයක් ඇතිවෙන තරම් ඇබ්බැහියක් මතුවෙලා  තිබිම .
ජනරංජනත් මේ ගැන කියනවා.

අනික් මරු වැඩේ කියන්නේ කොළඹ කෙන්ද්‍රිය මාධ්‍ය සංවිධාන ඇතුළු තවත් බොහොමයක් සිවිල් සංවිධාන සිය ව්‍යාපෘති වාර්තාව තුල අඩංගු කරල තියෙන වැඩමුලු කඩිනමින් ඉවර ගන්න වැඩේ මේ වන විට දිස්ත්‍රික්කවල මේ වටම සැදි පැහැදි ඉන්න සබ් එජන්ට්ලට භාර දෙනව.මේ සබ් එජන්ට් එක සතියක එක සංවිධානයක වැඩමුළුවක් සංවිධානය කරනවා . අනික් සති අන්තතයේ තවත් සංවිධානයක වැඩමුළුව
ඉතින් සබ් එජන්ට් ඒ වැඩේ කරනව.

මේ වැඩමුළු කථාව මාධ්‍ය ක්ෂේත්‍රයට විතරක් නෙමෙයි . අනික් ක්ෂේත්‍රවලටත් පොදුයි. බුදු අම්මෝ සාමය සංහිදියාව වෙනුවෙන් තියෙන වැඩමුලු ගණන . ක්‍රියාකාරින්ට විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරින්ටත් වැඩමුළු.
හැබැයි දමිළ මුස්ලිම් අයට සිද්ධ වෙන අසාධාරණකම් වලදි මේ වෝක්ෂෝ ක්‍රියාධරයෝ කියෙන් කිදෙනක් ඉදිරිපත් වෙලා තියෙනවද ? අපි දැන් බලමුකෝ ජාතික ප්‍රශ්ණයට දේශපාලන විසදුමක් දෙන්න යන කොට ඒකට විරුද්ධව පෙළගැසෙන ජාතිවාදින්ට විරුද්ධව මේ අය පාරට බහිද කියල ..

මේ ගැන ප්‍රධාන වශයෙන්ම මතුකරන්නට තියෙන කාරණය තමයි සති පතා හෝටල් ගානේ ගිහින් ලබන දැනුම ඇත්තට භාවිතා කරන්නේ කියෙන් කිදෙනෙක්ද කියන කාරණය.

වද හිංසාව, මානව හිමිනම් ,මාධ්‍ය නිදහස , සංහිදියාව , ජාතික සමගිය , සාමය වගේ තවත් නහුතයක් මාතෘකා ගැන පුහුණුවිම් ලැබුවත් මේ අති බහුතරයකගේ ආකල්ප වල වෙනසක් ඇති වෙලා තියෙන බවක් පෙන්නේ නැ.

ඒ හින්ද තමයි විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර මාධ්‍යවේදින් මුහුණ දෙන ගැටළු ගැන ඇතුළු තවත් බොහෝ දේවල් ගැන සංවේදි බවක් නැත්තේ . 2021 නොවැම්බර් මාසේ මුලතිව් මාධ්‍ය සාමාජයේ මාධ්‍යවේදියෙකුට හමුදාවෙන් ලේ පෙරෙන්න ගහපුවම දකුණේ මාධ්‍යවේදින් විතරක් නෙමෙයි මාධ්‍ය සංවිධාන  ඇත්තට ඒ ගැන උනන්දුවක් දැක්වුවද , ඒ ගැන තමන්ගේ මාධ්‍ය මගින් මතුකළාද ?

නැ,

ඇත්තටම ලංකාවේ මාධ්‍ය සංස්කෘතිය මේ විදියට අද වැඩමුළුකරණයකට ලක්වෙලා, ප්‍රතපත්තිගරුක මාධ්‍යවේදියාගේ භුමිකාව වාෂ්ප වෙලා ගිහිල්ලා.

මේක නැවත මාධ්‍ය ක්ෂේත්‍රයට අරන් ඒම තමයි අද තියෙන බරපතලම අභියෝගය. ඒක කවදාවත්ම මේ ගැන වැඩමුළුකරණයෙන් සිද්ධකරන්න බැ කියන එක ඉතා පැහැදිලියි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article