Friday, September 20, 2024

රු.5000 ගෙවීමේ වැඩසටහනෙන් ඉවත්වීමට ග්‍රාමනිලධාරීන් තීරණය කරයි – වැඩසටහන දේශපාලනීකරණය වන බවට චෝදනා

Must read

වසංගත තත්වය පැතිර යාමේ අවදානමත් සමග අසරණ වී සිටින ජනතාවට රු.5000ක් ගෙවීමේ වැඩසටහන මේ වන විට දේශපාලන මුහුණුවරක් ගනිමින් පවතින බව චෝදනා කරමින් එක්සත් ග්‍රාම නිලධාරී සංගමය හා සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය එම කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්ථා වෙයි.

ඔවුන චෝදනා කරන්නේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක සහනාධාර ලෙස රු.5000 ලබාදිය යුතු නම් ලැයිස්තු මුලදීම ග්‍රාම නිලධාරීන් විසින් ලබාදී තිබුණත් එම නම් ලැයිස්තු නොසලකා හරමින් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හරහා යළි අයදුම්පත් කැදවීමෙන් මෙම මුදල් ලබා දීමට රජය තීරණය කර ඇති බවයි.ඒ අනුව මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලන ක්‍රියාවක් බවට පත්වෙමින් තිබෙන බව ඔවුන් චෝදනා කරයි.

තම සංගමයේ මෙම තීරණය සම්බන්දයෙන් අමාත්‍යංශ ලේකම්වරයාද දැනුවත් කර ඇති බව ග්‍රාමනිලධාරීවරුන්ගේ සංගම් ප්‍රකාශ කරයි.

 

(මූලාශ්‍රය- අද)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article