රුපියල් කෝටි 225කට අධික වටිනාකමක් ඇති හොරෙයින් මත්කුඩු කිලෝ 225 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත් වී තිබේ. එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ මහබාගේ ප්‍රදේශයේ නිවසකදීය.එම සැකකරුවන් සමග මෝටර් රථයක් සහ කැබ් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත .
කිලෝ 10 යේ හාල් උරයක සහල් අතරේම මත්කුඩු කිලෝ 1 බැගින් සඟවා ප්‍රවාහනය කිරීම සඳහා එම සහල් උර කැබ් රථයට සහ මෝටර් රථයට පටවමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලීසිය තටයුතු කර තිබේ. .
මෙම මත්කුඩු තොගය දකුණු පළාතේ ප්‍රබල පාතාල නායකයෙක් වන කොස්ගොඩ තාරක නැමැත්තාට අයිති බව මූලික පරීක්ෂණ වලදී තහවුරු වූ බව පොලිසිය සඳහන් කරයි .
ඡායාරූප – ලංකාදීප