රුසියාවෙන් ගෙන්වනු ලබන ස්පුට්නික් v එන්නත විදුලි බල සේවකයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ඇමති ඩලස් අලහප්පෙරුම මහතා විසින් කරන ලද ඉල්ලී මක් සැලකිල්ලට ගනිමිනි .
අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ විදුලි බලාගාර කිහිපයක සේවකයන් පසුගිය කාලයේ කොවිඩ් වෛරසයට ගොදුරු වූ බවත්,එවැනි තත්ත්වයක් ඉදිරියටත් ඇති ඇතිවුවහොත් එය විදුලිබල සැපයුමට ගැටලුවක් විය හැකි බව පෙන්වා දෙමිනි.