Saturday, May 11, 2024

රුසියන් එන්නත නැතුව මහනුවර ලක්ෂයකගේ ජිවිත අනතුරේ ?

Must read

විධිමත් වැඩපිළිවෙලකින් තොරව වසංගතය පාලනය කිරිමට එන්නත ප්‍රධානම අවිය ලෙසින් භාවිතා කරන්නට යන මෙරට පාලකයන්ට දිනපතා දහස් ගණනින් ලක්ෂ ගණනින් මිනිස් ජිවිත වලට බියක් , අවදානමක් එක් කර දි තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් එක්ලක්ෂ විසිදහසකට වැඩි පිරිසක් අනතුරුදායක තත්වයක සිටින්නේ ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව නොලැබීම නිසාය.
ඒ අය මුහුණ පා සිටින අනතුරුදායක තත්වය පිළිබදව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද අවධාරණය කර තිබුණි.

එම පිරිසට මාස තුනක පමණ කාලයක් තිස්සේ දෙවැනි මාත්‍රාව ලැබී නැතැයිද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

අදාල සමාගම විසින් ස්පුට්නික් එන්නත නිපදවනු නොලබන්නේ යැයි දැනගන්නට ඇති බවත් රජය වහා මැදිහත් මේ පිරිසට ස්පුට්නික් දෙවැනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසු බව ලංකාදිප වෙබ් අඩවියද වාර්තා කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article