Sunday, September 22, 2024

ශ්‍රිලංකන් එයාර් සුදු අලියෙක් ! – නි.අමාත්‍ය අශෝක් අබේසිංහ

Must read

Image may contain: sky, cloud, airplane, outdoor and nature

ශ්‍රීලංකන් එයාලයින් පාඩුව 2014 අග භාගය වන විට රුපියල් කොටි 15000 ඉක්මවනා බව ප්‍රවාහන නි. අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. ශ්‍රීලංකා එයාලයින් සතුව ගුවන්යානා 23ක් දැනට තිබෙනා අතර එක ගුවන්යානයක් වෙනුවෙන් සේවකයින් 333ක් ඇති බවත් මෙම එක් සේවකයෙක් වෙනුවෙන් වාර්ෂික පාඩුව ලක්ෂ 49ක් බවද හෙතෙම පැහැදිලි කරයි.

Image may contain: 1 person, closeup

#ගුවන්_ආයතනය_අනාථ_මඩමක්ද

අමාත්‍ය අශෝක් විසින් හෙලිකරනා ලද බිහිසුණු හෙළිදරව් කිරීමටත් පසුව අප කුමක් කියම්ද. රාජපක්ෂලාට සාප කරමුද? යහපාලන නීතියත් හොරට නිදි නිසා ඇත්තේ එකම දෙයයි. දැන්වත් ශ්‍රීලංකා එයාලයින් සාපයෙන් පොඩි මිනිහා ගලවමු. එදා රාජපක්ෂලාට දේශපාලන මෙහෙයුම් වලට උදව් කලවුන්ට සැප දෙන්න රොත්ත පිටින් ආයතන වලට ඔහේ පුරවා අවසානයේ එහි ටොපිය සියලුම ශ්‍රීලාංකිකයන් භාරගත් යුතුද? කිසිම සම්බන්දයක් නැති ක්‍රියාවක් නිසා සාමාන්‍ය මහජනයා සිය දුප්පත් පඩිපතින් වන්දි ගෙවිය යුතුද? අප අදහස නම් මේ සම්බන්දව රජය තීන්දුවක් ගැනීමට කාලය එලබ ඇත.

#මංගලගෙන්_කොළ_එළියක්

අයවැයට පසුදා අයවැය සමාලෝචන මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මංගල සමරවීරද ශ්‍රීලංකන් එයාලයින් සම්බන්දව සිය අදහස් පල කරන ලදී. ඒ අනුව ඉදිරියේදී මෙහි පාඩුව තවදුරටත් රජය විසින් නොදරනා බව හෙතෙම සදහන් කරන ලදී. රු බිලියන 7000කට වඩා විදෙස් ණය ප්‍රමාණයක් ගෙවීමට තිබියදී ශ්‍රීලංකා එයාලයින් පාඩුවද රජය මතටම ගෙන ජනතාව පිඩාවට පත් කිරීමට තමා එකග නොමැති බවද හෙතෙම අවදාරණය කරනා ලදී. ඒ අනුව ඉදිරියේදී ශ්‍රීලංකන් එයාලයින් සම්බන්ද තීරණයක් ගැනීමට රජය සුදානම් වන අතර මෙහිදී පුද්ගලික අංශය හා එක් වී මෙම ආයතනය සංවර්දනය කිරීමට බොහෝ ඉඩකඩ ඇත. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ද වෙබ් අඩවියක් මෙම ආයතන කුණු කොල්ලයට විකුණා දැමීමට රජය සුදානම් බවට පසුගියදා ලිපියක් හරහා දැඩි ලෙස චෝදනා කර තිබුනද ඒ සම්බන්දව ජවිපය විසින් කරනා යෝජනාව සදහන් කර නොතැබුණි. ඉදිරියේදී ශ්‍රීලංකන් සම්බන්දව හරි හමන් තීන්දුවක් ගැනීමට නොහැකි වුවහොත් ආර්ථිකමය ලෙස කබලෙන් ලිපට වැටෙන්නේද සාමාන්‍ය ජනතාවමය. ශ්‍රීලංකන් එයාලන්කන් අයත් වන්නේ අමාත්‍ය කබීර් හෂිම්ගේ විෂයපතයටයි

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article