Friday, September 20, 2024

රිෂාඩ් බදියුදීන්ට දුරකතන ඇමතුම් ගත්තැයි සජිත්ගෙන් CIDය ප්‍රශ්න කරයි

Must read

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් යොදවා දින දෙකක් ගතවී ඇතත් මේ වන තෙක් ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙරට පොලීසිය අපොහොසත් වී ඇති පසුබිමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසට පැමිණ ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කරන්නේ රිෂාඩ් බදියුදීන් මහතා සහ විපක්ෂ නායකවරයා අතර දුරකතන ඇමතුමක් ඇති වූයේ ඇයිදැයි අපරාධ පරීක්ෂණ නිලධාරීන් එහිදී විමසා ඇති බවයි.

විපක්ෂ නායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා ඇති බව පවසා දින 2ක් ගතවී ඇතත් එය සිදු නොවීමෙන් ආණ්ඩුව සහමුලින්ම තිර පිටපතකට කටයුතු කරන බව පෙනී යන බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article